කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඊයේ රාත්රී ඇතිවූ නොසන්සුන්තාව මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර තිබේ. සිද්ධියට මුල් වූ බවට සැක කෙරෙන රැඳවියන් දස දෙනෙකු පමණ වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට පියවර ගෙන තිබේ.
බන්ධනාගාර පරිශ්රයේ සහ අවට ප්රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා ත්රිවිධ හමුදා සාමාජිකයින් ද යොදවා තිබේ.