තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම අද (23) අභියාචනාධකරණයේදී සිදුකිරීමට නියමිතය.
ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙත්සම් විභාගය දැක බලාගැනීම සඳහා අභියාචනාධිකරණය හමුවට පැමිණියේය.
