පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහරදීම හා මරණීය තර්ජනය කිරීම යන චෝදනාවලට වැරදිකරු වී වසර එක හමාරක සිරදඬුවම් නියම වූ පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි සිය නීතීඥයන් මාර්ගයෙන් අභියාචනා පෙත්සමක් සහ ඇප අයැදුම් පතක් බදුල්ල මහාධිකරණයට ඉදිරිපත් කළේය.
2019 වසරේ පෙබරවාරි 10 වැනි දා බන්ඩාරවෙල නගරයේ දී පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා ඇතුළු පිරිස ජීප් රථවලින් ගමන් කරමින් සිටියදී, ඔහුගේ ජීප් රථය පොලිස් ජීප් රථයක් ඉස්සර කරගෙන යාම සම්බන්ධයෙන් ඇතිවූ බව කියන බහින් බස්වීමක් මෙම පහරදීමට මුල්වී ඇති බව නඩු විභාගයේදී අනාවරණය විය.