දිස්ත්‍රික්ක කිහිපයකට මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බව සඳහන් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්ත
මේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද පස්වරුවේ නිකුත් කළ නිවේදනය අනුව කළුතර, කෑගල්ල, කුරුණෑගල, කොළඹ, ගම්පහ, ගාල්ල, නුවරඑළිය, පුත්තලම, බදුල්ල, මහනුවර, මාතර, මොනරාගල, රත්නපුර, හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට අදාළවන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.



