මත්තල සමස්ත පාඩුව රු. බි. 67.7
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මේ දක්වා කාලය තුල රුපියල් මිලියන 67,765 ක පාඩුවක් ලබා ඇති බව අනාවරණය වි ඇත. ඉකුත් වර්ෂයේ දි (2025) මෙකි ගුවන්තොටුපොළ ලබා ඇති ශුද්ධ අලාභය රුපියල් මිලියන 4,906කි. මෙහි ඉකුත් වර්ෂයේ මෙහෙයුම් වියදම රුපියල් මිලියන 2,523ක් වු අතර මෙහෙයුම් ආදායම රුපියල් මිලියන 257කි.
මෙකි ගුවන්තොටුපළේ අපේක්ෂිත වාර්ෂික මගි සංචලනය මිලියනයක් වුවද වසර හතරක් තුල වාර්තා වි ඇත්තේ ගුවන් මගින් 462,191ක් බව අනාවරණය වි ඇත.
මෙකි ගුවන්තොටුපොළ ඉදිකිරිම සදහා ලබාගත් විදේශ ණය සදහා 2015 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුල ගුවන් තොටුපළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම විසින් චින යුවාන් මිලියන 183.6 මුදලක් ණය පොලි ලෙස ගෙවා තිබුණි.
මෙකි ගුවන්තොටුපොළ ලබන වසරේ මුල්භාගය වනවිට තාක්ෂණික වශයෙන් හැකියාව ඇති සහ වාණිජමය වශයෙන් සුදුසු ආයෝජන සහ සංවර්ධනය සදහා හදුනා ගැනිමට අදහස්කොට ඇති බව ගුවන් තොටුපළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම පවසයි.
ගුවන් තොටුපළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම සම්බන්දයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය වි ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
