හබරාදූව පොලිස් වසමේ කොක්ගල ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියක ගැටී අද (25) දහවල් අනතුරක් සිදුව තිබේ.
අනතුරින් තුවාල ලැබු උපකාරක පංතියක සිසුන් 10ක් ප්රතිකාර සඳහා කරාපිටිය හා උණවටුන රෝහල්වලට ඇතුළත් කර තිබේ. බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක එම බස් රථය ගැටි තිබේ.
කොට්ටාව ප්රදේශයේ සිට කොක්ගල පිහිටි මාටින් වික්රමසිංහ අනුස්මරණ කෞතුකාගාරය නැරඹීමට ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.