මාලිමා රජයේ තෙවැනි අයවැය අද පස්වරු 2ට
ආර්ථිකය ස්ථාවර කිරීමේ ඉලක්කයෙන් ඔබ්බට ගොස්, ආර්ථික ප්‍රසාරණය සහ පරිවර්තනීය සංවර්ධනය ඉලක්ක කරගත් 2027 අය-වැය ලේඛනය මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට අද (12) පස්වරු 2.00ට ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 81 වැනි අය-වැය ලේඛනය වන මෙය, ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලබන තෙවැනි පූර්ණ අය-වැය ලේඛනය වේ.
අද (12) ඉදිරිපත් කෙරෙන 81 වැනි අය-වැය ලේඛනයේ දෙවැනි වර කියැවීමේ විවාදය හෙට (13) සිට 20 වැනිදා දක්වා දින 7ක් පුරා පැවැත්වේ. දෙවැනි වර කියවීමේ තීරණාත්මක ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වේ.
ඉන් අනතුරුව කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක් පුරා පැවැත්වෙන අතර, එහිදී විපක්ෂයට සියයට 60ක කාලයක් වෙන් කර අමාත්‍යාංශ වැය ශීර්ෂ දීර්ඝ ලෙස විවාදයට ගැනේ. අය-වැය පිළිබඳ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 19 වැනිදා කෙරෙන අතර, ඉන් අනතුරුව ජනාධිපතිවරයා විසින් මුදල් නිදහස් කිරීමේ නියෝග අත්සන් කර අදාළ ගැසට් නිවේදන නිකුත් කිරීමෙන් පසු 2027 ජනවාරි 01 වැනිදා සිට නව අය-වැය යෝජනා නිල වශයෙන් ක්‍රියාත්මක වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
