අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්යාපෘතිය හරහා රුවන්වැලි මහා සෑ චෛත්ය රාජයාණන් වහ්න්සේට, ජය ශ්රී මහා බෝධින් වහන්සේට කිසිම ආකාරයක හානියක් සිදු නොකරන බව කැබිනට් ප්රකාශක අමාත්ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
මෙම වැඩසටහන හරහා අනුරාධපුරු පූජා භූමිය සංරක්ෂණය කිරීමට කටයුතු කරන බවද ඔහු පැවැසිය. මෙම වැඩසටහනට විරුද්ධ වී ඇත්තේ දින කිහිපයකට පෙර විහාරමහාදේවී උද්යානයේ සිටි පිරිස බවත් ඔවුන් මීට පෙර 22 වැනි ව්යවස්ථා සංශෝධනයට විරුද්ධ වූ පිරිස බවද අමාත්යවරයා කීය.