ලෝකයේ වඩාත්ම අවධානයට ලක්වූ මැතිවරණයක් වූ ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නායකත්වය දෙන රිපබ්ලිකන් පක්ෂය අභිභවා යමින් ප්‍රතිවාදී ඩිමොක්රටික් පක්ෂය ඉදිරියට පැමිණ තිබේ.
මේ වන විට ප්‍රකාශිත මැතිවරණ ප්‍රථිඵල අනුව සෙනට් සභාවේ මෙන්ම කොංග්‍රසයේ බහුතරය දිනා ගැනීමට ඩිමොක්රට්ක් පක්ෂය සමත්ව තිබේ. එහිදී රිපබ්ලිකන් පක්ෂයේ බලකොටු බවට පත්ව තිබූ ඔහියෝ, ටෙක්සාස් හා කැනාස් යන ආසනද ඩිමොක්රටික් පක්ෂය ජයග්‍රහණය කර තිබිම කැපි පෙනෙන සාධකයකි.
මෙම මැතිවරණ ප්‍රතිඵල ඇමෙරිකානු ජනපතිවරයාගේ ප්‍රසිද්ධිය කැපි පෙනෙන ලෙස පහත යාමක් පෙන්නුම් කරන බව ජාත්‍යන්තර මාධ්‍ය මෙන්ම දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
