2026 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා වන වසරේ අවසන් කාර්තුව සඳහා විදුලි ගාස්තු වැඩි කිරිමක් අවශ්‍ය නොවන බව ජාතික පද්ධති මෙහෙයුම්කාර (nso) සමාගම පවසයි. සිව්වන කාර්තුව සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ උපදේශන සභාවේදි මේ බව (nso) දැනුම් දී ඇත.
ජලාශවල පවතින ජල සංචිත මට්ටම් සහ එල් නිනෝ කාලගුණික තත්ත්වයන් යටතේ පුරෝකථනය කර ඇති සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් විදුලි ගාස්තු වැඩිවිමක් අවශ්‍ය නොවන බවට තිරණය කර තිබේ.
කෙසේ වෙතත් මිට පෙර විදුලි ගාස්තු වැඩිවිමක් ඉල්ලා තිබුණ අතර මහජන උපයෝගීතා කොමිෂමද ඒ් වෙනුවෙන් සියයට 1.8ක ගාස්තු වැඩිකිරීමක් යෝජනා කර තිබුණි.