ලන්ඩන් යන්න ගිය ශ්රී ලන්කන් ගුවන් යානයේ කුරුල්ලෙක් ගැටෙයි
කටුනායක ගුවන් තොටුපොළෙන් 10/28 දින දහවල් 12.55 ට එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පිටත්ව ගිය , ශ්රී ලන්කන් ගුවන් සේවයේ , යූ.එල්.- 503 දරන ගුවන් යානය , පිටත් වී සුළු මොහොතකින් කුරුල්ලෙකු හා ගැටීම නිසා, ආපසු කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට , එම ගුවන් යානයේ නියමුවා විසින් පියවර ගත් බව , ශ්රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්රකාශකවරයෙකු පැවසීය.
මෙම ගුවන් යානය ඒ.- 330 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් වූ අතර එහි ගුවන් මගීන් 269 සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 15 සිටි අතර එම ගුවන් මගීන් අතර කුඩා ළමුන් සිව් දෙනෙකු ද සිටියහ.
මෙම ගුවන් යානය යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමෙන් පසු , නිරුපද්රිතව එහි සිටි ගුවන් මගීන් බස්සවා , ඔවුන් වෙත සංග්රහයක් සිදු කිරීමට ශ්රී ලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබුණි .
මේ වනවිට මෙම ගුවන් මගීන් තවත් වෙනත් ගුවන් යානයකට යොමු කිරීමට පියවර ගෙන ඇති අතර එම ගුවන් යානය තවත් ස්වල්ප මොහොතකින් එංගලන්තයේ හීත්රෝ ගුවන් තොටුපොළ බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතය . එසේම අනතුරට පත් ගුවන් යානය මේ වනවිට අලුත්වැඩියා කටයුතු සදහා යොමු කර තිබේ .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

