ආසියානු විද්‍යුත් විකාශයන්ගේ සංගමයේ රැස්වීමට සත්කාරකත්වය දැරීම වෙනුවෙන් රජය යම්කිස ආකාරයකින් රජයේ බදු මුදල් වැය කිරීමක් සිදු නොකළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
කැබිනට් තිරණ දැනුම් දීමේ සාකච්ඡාවේදී මාධ්‍යෙව්දියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීය. මෙම රැස්විම වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 104ක් වැය කර තිබුණ බවද ඔහු පැවැසීය.
සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට මුදල ලැබෙන්නේ ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් හා හෝටල්වලින් ලැබෙන මුදල්වලින් බව ඔහු පැවැසිය. සංචාරක සංවර්ධනය වෙනුවෙන් එම මුදල්වලින් සියයට 70ක් යොදවන බවද ඔහු පැවැසිය.
