saravita-anim2

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

Latest News - timelapse 19 hours ago

LATEST

කටුනායකට ආපු කටාර් ගුවන් යානයේ බෝම්බ බියක්

calendar_today 2025 දෙසැ 28 - 15:27 remove_red_eye - 153  

කටුනායක ගුවන් තොටුපොළ වෙත 12/28 දින උදෑසන දෝහා සිට පැමිණෙමින් තිබූ කටාර් ගුවන් සේවයේ ගුවන් යානය තුළ බෝම්බ ඇති බවට ගුවන් තොටුපොළ කළමනාකරු වෙත ලද විද්‍යුත් තැපැල් පණිවිඩය අනුව එම ගුවන් යානය විශේෂ සෝදිසි කිරීමකට ලක් කළ අතර , එහිදී එවැනි කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ප

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර සිව්වන විස්සයි 20 තරගය අද (28දා) පැවැත්වේ.

Read More

හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලිය ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දෙසැම්බර් 31 වන බදාදා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුකිරීමට නියමිතව තිබේ.

Read More

‌කොස්ගොඩ, පියගම ලී මෝල අසල දුම්රිය හරස් මාර්ගයේදී බෙලිඅත්ත සිට කොළඹ බලා ධාවනය වන දුම්රියේ මෝටර් රථයක් ඊයේ (27දා) සවස ගැටී තිබේ. සවස 4.30 ට පමණ සිදු වූ මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ තිදෙනෙකු ප්‍රතිකාර සදහා බළපිටිය මූලික රෝහලට එදිනම (27) සවස ඇතුලත් කර තිබේ.

Read More

දිට්වා සුලි කුණාටුවෙන් පසු එළවලු වගාවට දැඩි බලපෑමක් එල්ල වූ නිසා ඇතැම් පහත රට එළවලු මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත්, (28) දිනයේ දේශීය වෙළදපොලේ අමු මිරිස් සහ නයි මිරිස් කිලෝවක් රු.2000ක සිල්ලර මිලකට අලෙවි වන බවත්, මෙයට සමගාමිව මාලු මිරිස් කිලෝවක් රු.1300කට අලෙවි වන බවයි හැටන් ප්‍රදේශයේ වෙළෙදුන් කියා සිටින්නේ.

Read More

රැඳවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශන කටයුතු සිදුකරන සැකකරුවෙකු මනුෂ්‍ය ඝාතන කිහිපයකට සම්බන්ධ බවට අනාවරණය වීම සහ සැකකරුගෙන් ලද තොරතුරු මත විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර් අවියක් සොයා ගැනීම - මීටියාගොඩ පොලිස් ස්ථානය.

Read More

සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපරයෙක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අතර ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලිය ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (27) අභාවප්‍රාප්ත වූවාය. මියයන විට ඇය 92 වන වියේ පසුවුණි. ඇය ගීත දස දහසකට අධික ප්‍රමාණයක් ගායනා කර ඇති අතර සිනමාවේ සදාකාලික ’ගී රාජිනිය’ ලෙසද ඇය හදුන්වයි. අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

Read More

දෙසැම්බර් 01 දා සිට 25 දා දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයන් 195 394ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මෙම අගයද සමගින් ජනවාරි 01 දා සිට දෙසැම්බර් 25තෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 2 298 987 ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

Read More

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශය මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (26දා) අත්අඩංගුවට ගන්නා ලදී.

Read More

දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 62ක් සදහා පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සදුදා (29) පෙරවරු 10.00 සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී සිදුකිරීමට නියමිතය.

Read More

වත්තල පොලිස් වසමේ හැඳල ඇලකන්ද මාර්ගයේ හැඳල හන්දිය අසලදී ඇලකන්ද දෙස සිට හැඳල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන වෙළඳසැලක ගැටී 2025.12.26 වන දින අළුයම් කාලයේ අනතුරක් සිදුව ඇත. අනතුරින් පැදිකරු හා පසුපැදිකරු තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දෙදෙනාම මියගොස් ඇත. මරණකරුවන් අවුරුදු 21 හා 25 වයස්වල පසුවන වත්තල ප්‍රදේශයේ පදංචිකරුවන් වේ. මෘත ශරීර රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වත්තල පොලිසිය වැඩි

Read More

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

තලවකැලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට පුද්ගලයෙකු (26) පසුවරුවේ ගිනි තබා ගෙන ඇති බවත්, පසුව බරපතල ලෙස පිලිස්සුම් තුවාල ලැබූ එම පුද්ගලයාව ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවූ බව තලවකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසීය.

Read More

සක්‍රීය නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයක් දෙසැම්බර් මස 29 වන දින සිට දිවයින හරහා බලාපොරොත්තුවන බැවින් එදින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ විශේෂයෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර,ඌව හා මධ්‍යම පළාත්වන වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිල වෙබ් අඩවියට අද දින ලැබුණ ඊ මේල් පණිවිඩයක් මගින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාන පහක බෝම්බ සගවා ඇති බවට ඳසහන් කර තිබුණි.

Read More

පදියතලාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොහාන් ගුනසේන මහතාගේ සේවය පොලිස්පති ප්‍රියන්ත විරසුරිය මහතා විසින් අත් හිටුවා තිබේ.

Read More

බන්ධනාගාර නිලධාරීන් විසින්⁣ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ කරන ලද සෝදිසියකදී ජංගම දුරකතන 12 ක් සහ තවත් තහනම් ද්‍රව්‍ය කීපයක්ම සොයා ⁣ගෙන ඇත.

Read More

ශල්‍යකර්ම වලට භාජනය වන රෝගීන්ට නිර්වින්දනය සඳහා ලබාදෙන ප්‍රධානතම ඖෂධයක් වන ප්‍රොපෆොල් Propofol I fusion/ injection හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

Read More

දිට්වා සුලි කුණාටුවත් සමග නායයෑමේ අවධානමක් හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ නුවරඑලිය හග්ගල උද්භිත උද්‍යානය (25) දින පස්වරුවේ සිට යලිත් සංචාරකයන් සදහා විවෘත කර ඇත.

Read More

යුරෝපයට උදා වී ඇති ශීත ඍතුව වෙනුවෙන් කසකස්තානයේ සිට එරට සංචාරකයන් රැගත් එයාර් අස්තානා ( Air Astana ) පළමු මංගල ගුවන් යානය ( Inogaral Flight ) 12/25 දින සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

Read More

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව්, ජලාශ අමුණු, ආශ්‍රිතව අනවසර ඉදිකිරිම් හෝ අනවසර වගා කිරිම් 619ක් හදුනාගෙන ඇති බැව් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රජය විසින් මෙම වර්ෂයේ (2025) අගෝස්තු මාසය අවසානයට ගෙවිය යුතු සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 29,660.22ක් බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

Read More

උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (26) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

වැලිපැන්න පොලිස් වසමේ අළුත්ගම මතුගම මාර්ගයේ 05 කණුව ප්‍රදේශයේදී මතුගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක ගැටී 2025.12.25 වන දින සවස් කාලයේ අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු, පසු පැදිකාරිය ලෙස සිටි ඔහුගේ බිරිඳ සහ දැරිය තුවාල ලබා දර්ගා නගරයේ රජයේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දැරිය මියගොස් ඇත. මිය ගිය දැරිය වයස අවුරුදු 03 ක් වූ මතුගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

Read More

2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් අප රටේ 35000 කට අධික පිරිසක් මියගිය අතර පුද්ගලයින් 5,000 කට වැඩි පිරිසක් අතුරුදහන් විය. එමෙන්ම බිලියන ගණනක් වටිනා දේපල ද විනාශ විය. 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර, එදින සුනාමි ව්‍යසනයෙන් සහ එදා මෙදා තුර විවිධ ආපදා නිසා රටේ මිය ගිය සියලු දෙනා සිහිපත් කරමින් ජාතික සුරක්ෂිත දින සැමරුම් උත්සවය, ජනතා සහභාගිත්වයෙන් සිදුකරනු ලබයි.

Read More

මුල්ලේරියාව පොලිස් වසමේ මුල්ලේරියාව රෝහල ආසන්නයේදී කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු 2022.08.02 වන දින වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.

Read More

දික්වැල්ල - බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයේ හදපාන්ගොඩැල්ල ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් අද(25) පස්වරුවේ අනතුරක් සිදුව ඇති බව බෙලිඅත්ත පොලීසිය පවසයි.

Read More

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත්වූ බදුල්ල දිස්ත්‍රික්කයේ සියලු පාසල් සහ පෙර පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට කිසිදු බාධාවක් නොවන පරිදි ගොඩනැගීමට කටයුතු කරන බැව් හරිනිණි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.ඇය එසේ පැවසුවේ හානියට පත් බදුල්ලේ පාසල් සහ පෙර පාසල් නිරීක්ෂණය කිරීම සඳහා පාසල් කිහිපයකට පැමිණි අවස්ථාවේදීය.

Read More

ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ කටයුතු නිසි ප්‍රමිතියෙන් පවත්වාගෙන යාමේ ක්‍රියාවළිය පුළුල් කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (24) පැවැත්විණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.