චීන විදේශ අමාත්‍ය වැන්ග් යී හා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අතර දුරකතන සංවාදයක් පවත්වා තිබේ. මෙහිදී මැදපෙරදිග යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා වි ඇති අතර එහිදී ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ කතා කර තිබේ.ෙ "ඉරානය තාවකාලික සටන් විරාමයකට නොව පුළුල් සටන් විරාමයකට කැපවී සිටින" බවයි.
"හෝර්මුස් සැමට විවෘතයි, නැව් වලට ආරක්ෂිතව ගමන් කළ හැකි නමුත්, දැනට යුද්ධයේ යෙදී සිටින රටවල්වල නෞකා ගැන සලකා බලනු නොලැබේ" යනුවෙන් ද ඔහු පැහැදිලි කර තිබේ.
"කතා කිරීම සැමවිටම සටන් කිරීමට වඩා හොඳයි" යනුවෙන් යී අවධාරණය කළ බවත්, "සාමය සඳහා සෑම අවස්ථාවක්ම උකහාගෙන හැකි ඉක්මනින් සාම ක්‍රියාවලිය ආරම්භ කරන ලෙස" සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවත් යී වැඩිදුරටත් පවසා තිබේ.