ඉන්ධන මිල වැඩිවිමත් සමග වැලි කැන්ටරයක මිලද රුපියල් දෙදහසකින්. තුන්දහසකින් පමණ ඉහළගොස් ඇති බැව් ජනතාව පවසති. මෙම තත්ත්වය නිසා ඉදිකිරිම් ක්ෂේත්රය තුල ද දැඩි අර්බුදකාරි තත්ත්වයක් ඇතිවි තිබේ.
නව නිවාස ඉදිකිරිම, නිවාස අලුත් වැඩියා කිරිම ඇතුළු ඉදිකිරිම් කටයුතු වලදි වැලි මිලද ඉතා වේගයෙන් ඉහළයාම නිසා ඉදිකිරිම් කටයුතුවල නිරතවුවන් ගැටළු රැසකට ලක්ව සිටිති.
මිට දින කිහිපයකට පමණ පෙර රුපියල් 23000ක මිලකට තිබු වැලි කැන්ටරයක මිල ඉන්ධන මිල වැඩිවිමත් සමග රුපියල් 25000,26000 දක්වා ඉහල ගොස් ඇත. වැලිපොලවල් පවත්වාගෙන යන පුද්ගලයින් තමන්ට හිතු හිතු මිල ගණන්වලට වැලි අලෙවිකරණ බවද ජනතාව පෙන්වාදෙති.
මේ අතර සිමෙන්ති කොට්ටයක මිලදි රුපියල් දෙසියකින් පමණ ඉහළගොස් ඇති අතර සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2000 දක්වා ඉහළගොස් ඇත.