ඉන්ධන අර්බුදයෙන් පොදු ප්‍රවාහනයට කිසිදු බලපෑමක් නෑ
ඉන්ධන අර්බුදය හේතුවෙන් පොදු ප්‍රවාහනයට සහ ඉදිකිරීම් කෙෂ්ත්රයට කිසිදු බලපෑමක් ඇති නොවන බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කරයි.
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ මහාමාර්ග පාලම් සහ බෝක්කු පද්ධතිය නැවත ඉදිකිරීම් ආරම්භ කිරීමේ ජාතික වැඩසටහනයට සමගාමීව පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පිටියේගෙදර ප්‍රදේශයේදී පැවැති උත්සවයකට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
"ප්‍රවාහනය සහ ඉදිකිරීමේ කෙෂ්ත්රය ගත්තහම තෙල් සම්බන්ධයෙන් පවතින ගැටළු නිසා කලින් ගිය වේගයෙන් අපට යන්න බෑ.නමුත් පොදු ප්‍රවාහනය කිසිදු අඩුවකින් තොරව පවත්වාගෙන යනවා.
ඒ සඳහා අවශ්‍ය තෙල් සැපයුම මේ වන විට ස්ථාවර කරල තියෙනවා. ඉදිකිරීම් කෙෂ්ත්රය ගත්තහම අපි දින දෙකකට කලිනුත් ඛණිජ තෙල් සංස්ථාවත් එක්ක සාකච්ඡා කළා. අපි දැනට පටන් ගෙන තියෙනවා. දිට්වා සුළි කුණාටුවෙන් හානි වුන මහාමර්ග පාලම් බෝක්කු ස්ථීර වශයෙන්ම පිළිසකර කරන්න.
මේවා සම්පූර්ණයෙන් අවසන් කරන්න 2028 ජනවාරි පමණ වන තුරු අවුරුද්දකට වැඩි කාලයක් ගත වෙනවා.මේ පටන් ගත්ත වැඩේ අපට නවත්වන්න බෑ. තෙල් අභියෝගය තවත් අභියෝගයක්. නමුත් ඛණිජ තෙල් සංස්ථාව සහතික වෙලා තියෙනවා කොන්ත්‍රාත් කරුවන්ට අවශ්‍ය තෙල් ප්‍රමාණය ලබා දෙන්න පුළුවන් කියලා.ඒ නිසා අපට ඉදිකිරීම් කටයුතුත් දිගටම කර ගෙන යන්න පුළුවන් යැයි ද කීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
