දකුණු ආසියාවටම එකයි ඒකත් ජපුර රෝහලට
ජපන් රජයේ රුපියල් මිලියන 1000 කට අධික මුල්‍ය පරිත්‍යාගයෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ස්ථාපිත කරන ලද අතිනවීන තාක්ෂණයෙන් යුත් 4D Angio CT suite (4D ඇන්ජියෝ CT පද්ධතිය සහිත ඒකකය) සහ අංග සම්පූර්ණ නවීන දන්ත සෞඛ්‍ය ඒකකය (Dental Health Unit) ප්‍රතිකාර සේවාවන් සඳහා එක් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරට ජපාන තානාපති අකියෝ ඉසෝමාටා මහතාගේ සහභාගීත්වයෙන් එම රෝහල් පරිශ්‍රයේ දී සිදුවිය.
මෙම 4D ඇන්ජියෝ CT පද්ධතිය සහිත ඒකකය අති නවීන තාක්ෂණයෙන් යුක්ත වන අතර, මෙරට රාජ්‍ය සහ පෞද්ගලික රෝහල් පද්ධතියේ හෝ දකුණූ ආසියානු කලාපයේ කිසිඳු රෝහලක මෙවැනි අති නවීන තාක්ෂණයෙන් යුත් 4D ඇන්ජියෝ CT පද්ධතියක් මෙතෙක් ස්ථාපිත කර නොමැත.
මෙම යන්ත්‍රය සඳහා ජපන් රජය වැයකරන ලද මුදල රුපියල් මිලියන 925 කි.
අංග සම්පූර්ණ නවීන දන්ත සෞඛ්‍ය ඒකකය (Dental Health Unit) දන්ත පුටු (Dental chairs) 10 කින් සමන්විත වන අතර, මේ සදහා ජපන් රජය වැයකර ඇති මුදල රුපියල් මිලියන 91 කි.
මෙතෙක් රෝහල තුළ දන්ත ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කර නොතිබුණ අතර නව ඒකකය විවෘත කිරීමත් සමග ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන ජනතාවට විශාල සහනයක් සැලසෙනු ඇත.
මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා ජපන් රජය රුපියල් මිලියන 1016 ක මුදලක් වැයකර ඇත.
මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම 4D CT ඇන්ජියෝ පද්ධතිය දකුණු ආසියානු කලාපයේම තිබෙන පළමු යන්ත්‍රය බවත්, රජයේ සහ පෞද්ගලික රෝහල් අංශයේ ද තවම පවතින්නේ 3D යන්ත්‍ර බව ද පැවසීය.
මෙම යන්ත්‍රය ජයවර්ධනපුර රෝහලේ උරුමයක් වූවත් මෙම යන්ත්‍රය රටටම හිමිකම ඇති දෙයක් බව ද සදහන් කර සිටියේය.
දකුණු ආසියානු කලාපයටම විශේෂ වූ මෙම 4D CT Angio යන්ත්‍රය භාවිතා කර උපරිම පැය ගණනක් ප්‍රතිකාර සේවයේ යොදවමින් මෙරට රෝහල් පද්ධතියේ තිබෙන ගැටළුවලට විසදුම් ලබා දිය යුතු බව සදහන් කළ අමාත්‍යවරයා මේ සදහා කාර්ය මණ්ඩලය අවශ්‍ය වේ නම් ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
මෙරට රජයේ රෝහල් පද්ධතිය තුළ විශාල වෛද්‍ය උපකරණ ප්‍රමාණයක් තිබෙන බවත්, එම උපකරණ එම ආකාරයෙන්ම භාවිත නොවන බවත් අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදී.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
