අම්බලන්ගොඩ කෝටිපති ව්යාපාරිකයෙකුගේනිවසට අද (26)අලුයම් කාලයේදී එල්ල කළ ජීව බෝම්බය පිපිරී නොයාමෙන් එම නිවසට හානියක් සිදුව නැතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.
වයාපාරිකයාගේ නිවසට බෝම්බ පහාරය එල්ල කිරීමට දෙදෙනෙකු පැමිණ ඇති බවත් ඔවුන් දෙදෙනාම මුලතිව් ප්ර දේශයේ හමුදා කඳවුරක සෙබලුන් දෙදෙනෙක් බවත් පොලීසිය කියයි. මෙය කාගේ හෝ කොන්තාත්තුවක් වන්නට ඇතැයි පොලීසිය සැකකරයි.
සිය නිවසට බෝම්බ ප්රහාරයක් එල්ලවී ඇති බව මේ කෝටිපති නිවැසියන් එම නිවසට පොලීසිය යන තෙක්ම නොදත් බවත් එම බෝම්බය එම නිවසේ මිදුලේ තිබී සොයාගත් බවත් පොලීසිය කියයි.අම්බලන්ගොඩ පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.