අගමැතිනියගේ ගුරු හමුවට නොආපු ගුරුවරුන්ගෙන් හේතු අසයි
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 15 වෙනිදා තංගල්ල නගර ශාලාවේ පැවති ගුරු හමුවට ගුරුවරු සහභාගී නොවීම සම්බන්ධයෙන් හේතු පැහැදිලි කරන ලෙසට කලාප අධ්‍යාපන කාර්යාලය විසින් දැනුම්දීමක් සිදු කර ඇති බව වාර්තා වෙයි.
තංගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය විසින් සියලු විදුහල්පතිවරුන් වෙත ලිපියක් යොමු කරමින් මේ සම්බන්ධයෙන් කරුණු විමසා ඇති බවයි වාර්තා වන්නේ.
තංගල්ල කලාප අධ්‍යාපන අධ්යක්ෂ ඩබ්ලිව්. ඒ. එස්. ඩී. කල්‍යාණි මහත්මියගේ අත්සනින් යුතුව මෙම ලිපිය නිකුත් කර තිබේ.
ඒ අනුව අග්‍රාමාත්‍යවරිය පැමිණි අදාළ හමුවට ගුරුවරුන් සහභාගී නොවීම සම්බන්ධයෙන් මාර්තු මස 26 වෙනි දිනට පෙර හේතු පැහැදිලි කළ යුතු බවද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය විසින් විදුහල්පති වරුන් වෙත යොමු කර ඇති ලිපියේ සදහන්ව තිබේ.
පසුගිය 15 වන දින අග්‍රාමාත්‍යවරියේ ප්‍රධානත්වයෙන් තංගල්ල හම්බන්තොට ඇතුළු ස්ථාන කිහිපයකදී ගුරු හමු පැවති අතර තංගල්ල පැවති ගුරු හමුව සදහා සහභාගී වී ඇත්තේ ගුරුවරුන් අඩු ප්‍රමාණයක් පමණක් බවයි වාර්තා වන්නේ.
සුරියවැව නුවන් ජයසේකර

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
