අස්වැසුම බැංකුවට එන දිනවලදි බාර්වල ආදායම ඉහළට
අස්වැසුම මුදල් ලබා ගන්නා සමහර පිරිස් එම මුදල් මත් පැන් සදහා බාවිතා කිරිමෙන් රජය ලබා දෙන එම මුදල් විනාශ විමක් මෙන්ම එම පිරිසගේ සෞඛ්‍යටද තර්ජනයක් වන බව සමස්ථ ලංකා ප්‍රගතිශිලි ජනතා පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.
හැටන්හි පිහිටි පෙරමුණ කාර්යාලයේදි මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
අස්වැසුම මුදල් ලැබෙන දිනවලදි වීශේෂයෙන් වතු කරය හා නාගරික ආශ්රිත ප්‍රදේශවල මත් පැන්හල්වල අදායම ඉහල මට්ටමක පවතින බව සමික්ෂන කිපයක් මගින් හෙලිව තිබෙනවා මෙම තත්වයන් පිලිබදව කරන ලද සොයා බැලිමකදි දැන ගන්න ලැබුන දෙයක් තමයි මේ අස්වැසුම මුදල් ලබා ගන්න සමහර පිරිෂ් එම මුදල් තම පවුලේ ආහාර සදහා යොදවන්නේ නැතිව මත් පැන්වලට යොදවන බව.
රට තුල පවතින අපහසුතා මධ්‍යයේ වුවද රජය මෙම අස්වැසුම මුදල් ලබා දෙන්නේ මේ රටේ දුගි ජනතාවගේ කුස ගිනි නිවිමට මිස මත් පැන් පානයට නොවෙයි ඒත් සමහර පිරිස් මෙම අස්වැසුම මුදල් මත් පැන්වලට වැය කිරිම විශාල අපරාධයක්.
මෙම තත්වයන් පිලිබදව කරන ලද සොයා බැලිමකදි දැනගන්න ලැබුන තවත් දෙයක් තමයි මෙම අස්වැසුම මුදල් ලබා දියයුතු පිරිස් පිලිබදව සොයා බැලු සමහර ග්‍රාම නිලධාරින් ඇතුළු අදාල සමහර නිලධාරින් අස්වැසුම ලබා ගැනිමට නොසුදුසු පුද්ගලයන්ට අස්වැසුම ලබා දිම මෙන්ම මෙම ප්‍රදේශවල අස්වැසුම ලබා ගැනිමට සුදුසුම පුද්ගලයන්ට අස්වැසුම ලබා නොදිම.
මෙම තත්වයන් පිලිබදවත් අදාල බලධාරින්ගේ අවදානයන් යොමු කල යුතුවෙනවා කේසේ වුවත් මෙම අස්වැසුම මගින් ලබා දෙන මුදල් මත් පැන් සදහා වියදම් කිරිම නම් විශාල අපරාධයක් ඒ වගේම තමයි ඔවුන් ගේ සෞඛ්‍යටත් එය තර්ජනයක්.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
