මුල් මාස දෙකේ අපනයන ආදායමේ කැපි පෙනන වර්ධනයක්
2026 ජනවාරි සහ පෙබරවාරි මාස දෙක තුළ සමස්ත අපනයන අදායම ඇමරිකානු ඩොලර් මිලියන 2,896.31 ක ප්‍රමාණයක් බවත් එය පසුගිය වසරට සාපෙක්ෂව 7.56% ක කැපී පෙනෙන වර්ධනයක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පවසයි.
පසුගිය මාස දෙක තුළ වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2215 ක් වන අතර එය 5% ක වර්ධනයක් බවත් සේවා අංශයේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 680 ක් වන අතර එය 15.5% ක වර්ධනයක් බවත් හෙතෙම පැවසීය.
සභාපතිවරයා මේ බව පැවසුවේ , අද ( 26) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පෙබරවාරි මස අපනයන ක්ෂේත්රයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමෙ හමුවකට එක්වෙමිනි.
2026 පෙබරවාරි මාසයේදී ශ්‍රි ලංකාවේ සමස්ථ අපනයන ආදායම ශ්‍රී ලංකා රේගුවේ දත්වලට අනුව ඇමරිකානු ඩොලර් මිලියන 1,401.78 ක් බව පෙන්වා දුන් සභාපතිවරයා , එය වෙළඳ භාණ්ඩ අපනයන ආදායම වන ඇමරිකානු ඩොලර් මිලියන 1,066.88 ක් සහ සේවා අංශයේ අපනයන අදායම වන ඇමරිකානු ඩොලර් මිලියන 334.9 හි සමස්ත එකතුව බවද පැවසීය.
ජනවාරි සහ පෙබරවාරි මාසවල තේ සහ පොල් ආශ්රිත අපනයන අදායම ,පාන වර්ග , මැණික් හා ස්වර්ණාභරණ ,විදුලි උපකරණ,එළවලු සහ පළතුරු මෙන්ම අනෙකුත් බෝගවල අපනයන ආදායමේ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වන බවද පැවසීය.
සේවා අංශයේ තොරතුරු තාක්ෂනය සහ ලොජිස්ටික් සහ ප්‍රවාහන අංශවල අපනයන ආදායමේ කැපි පෙනෙන වර්ධනයක් ඇතැයිද පෙන්වා දුන්නේය.
අපනයනය කිරීමේදී ඉන්දියාව ,එක්සත් එමිර් රාජ්‍ය , ඩුබායි රාජ්‍ය , හොංකොං ,මෙක්සිකෝ ,ඕස්ට්‍රේලියා,ජර්මනිය ප්‍රංශය,ජපානය වැනි රටවල්වල අපනනය ආදායමේ කැපී පෙනෙන වර්ධනයක් ඇතැයිද හෙතෙම පැවසීය.
2026 වසරේ අපනයන ක්ෂේත්රයේ 10% වර්ධනක් ලබා ගැනීම ඉලක්කය බවද සභාපතිවරයා අවධාරණය කළේය.
අපනයන ආදායම වැඩි කර ගැනීමට නව වෙළඳ පොළවල් සොයා යන බවත් අප්‍රිකානු , මැදපෙරදිග කාලාපිය රටවල් , ආසියානු රටවල්වලට අවස්ථාව දිමට කටයුතු කරන බවද පැවසුවේය.
ලෝකයේ සිටන හොඳම ආයෝජකයන් මෙන්ම ගැනුම්කරුවන් ලංකාවට ගෙන ඒමට වැඩසටහන් සකසන බවත් ඔවුන්ට මෙරටට අපනයනය කිරීමට අවස්ථාව උදා කරන බවද පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
