saravita-anim2

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11034 hours ago

LATEST

රු 30000කට මනුෂ්‍ය ඝාතනයක්

calendar_today 2019 අප්‍රේ 03 - 09:32 remove_red_eye - 723  

රුපියල් 30000ක මුදලක් කොල්ල කෑම සඳහා මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ අවාසනාවන්ත පුවතක් තිනියාවලින් වාර්තා වෙයි. ඊයේ (02දා) දහවල් මෙම ඝාතනය සිදුව තිබේ.

ක්‍රීඩක කොන්ත්‍රාත්තුව කඩ කරමන් බීමත්ව රිය පැඳවීම හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට ඇමෙරිකානු ඩොලර් 7000ක දඩයක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැයි දින සැමරුමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ආරාධනා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැයි දින කමිටුවේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.

Read More

ඉන්ධන රහිත ද්‍රව තෙරපුම්බල එන්ජිමක් නිපදවා ඇති අතර එය විෂයබාර අමාත්‍ය රවී කරුණනායක මහතාගේ අවධානයට ලක්ව තිබේ.

Read More

ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සේවයට අයත් ගුවන් යානයක හදිසියේ දුමාරයක් ඇති වීම නිසා අද (02දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත හදිසි ගොඩ බෑමකට ලක් කිරීමට එම ගුවන් යානයේ ගුවන් නියමුවා පියවර ගෙන තිබේ.

Read More

ඝන ආහාර සහ අර්ධ ඝන ආහාර සඳහා වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනය ලබන සතියේදී ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

Read More

වංචාවට දූෂණයට එරෙහිව පුළුල් ජනතා සංවිධානයක් ගොඩනගන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Read More

අතුරුදහන් වුවන් පිළිබඳ අයදුම්පත් 14 ,000 ක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලයට යොමුකර ඇති බව පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබද අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා අද (02දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

ඩෙංගු මදුරුවන් ගෙන් තොර පාසල් පරිශ්‍රයක් පවත්වා ගෙන යාම සඳහා නව පාසල් වාරය අවසන් කිරීමට ප්‍රථම සහ දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට පෙර දීප ව්‍යාප්තව පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමට පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සියලුම නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

Read More

වැය ශීර්ෂයක් සම්මත කර ගැනීමට හෝ ආණ්ඩුවට බහුතරය නොමැති බවට පෙන්නුම් කරන බවත්, එසේ තිබියදී ඇතිවී තිබෙන අර්බුදය පිළිබඳව විපක්‍ෂයට චෝදනා එල්ල කරමින් සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සඳහන් කරයි.

Read More

2019 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය අප්‍රේල් මස 05 වන සිකුරාදායින් අවසන් වන අතර දෙවන පාසල් වාරය අප්‍රේල් මස 22 වන සඳුදායින් ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

මහරගම අපෙක්ෂා රෝහලේ පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය linear accelerator යන්ත්‍රයක් සහ Tomo Therapy යන්ත්‍රයක් ලබාගැනිම සඳහා ආධාර එකතු කිරිම සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සමග ගිවිසුම් අත්සන් කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලධාරි හෝටලයේ දී (01) ඊයේ පස්වරුවේ පැවැත්විනි.

Read More

සීමාවාසික වෛද්‍ය පුහුණුව ලැබීමට සුදුසුකම් ලැබු මාළඹේ වෛද්‍ය විද්‍යාලයේ (සයිටම්) වෛද්‍ය උපාධිය ලබාගත් වෛද්‍ය සිසුන්ට සීමාවාසික වෛද්‍ය පුහුණුව ලබානොදී රජයේ වෛද්‍ය පීඨ සහ කොතලාවල වෛද්‍ය පීඨ උපාධිධාරීන්ට පමණක් එම පත්වීම් ලබා දෙන බව කියමින් සයිටම් සිසුන් තිදෙනෙකු විසින් ගොනු කොට තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම ලබන මැයි මස 09 වැනිදා විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) තීරණය කළේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් ජාත්‍යන්තර පිටියේ තාවකාලිකව පන්දු යැවීම අත්හිටුවීමට තීරණය කර තිබේ.

Read More

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණය ඉවත දැමීමට කටයුතු කළ යුතුව ඇතැයි ජාත්‍යන්ත රාජ්‍ය නොවන සංවිධානයක් වන හියුමන් රයිට් වොච් සංවිධානය සඳහන් කරයි.

Read More

ජල සම්පාදන මණ්ඩලයට අයත් රුපියල් එක්කෝටි විසිලක්ෂ යක මුදලක් වංචා කිරීමේ චෝදනාවන්ට වරදකරු වු ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ කැලණිය ප්‍රාදේශිය කාර්යාලයේ හිටපු ගණකාධිකාරීවරයාට වසර 37ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ජල සම්පාදන මණ්ඩලයට රුපියල් එක්කෝටි තිස්ලක්ෂයක වන්දියක් ගෙවීමටද අද (02) නියම කළේය.

Read More

රථ වාහන වැරදි වෙනුවෙන් රුපියල් 25000ක දඬමුදලක් පැනවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Read More

අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා නේටෝහි සභාපති ලෙස පත්කරන ලෙස තමන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සඳහන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

Read More

ප්‍රදිප් අමිර්තනායගම් මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස පත් කර ඇත.

Read More

පහේ ශිෂ්‍යත්වය කිරීම අහෝසි කළ යුතුයි කියලා මම හිතන්නේ. පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමට ඒ තීන්දුව ගන්නේ ඊට විකල්ප වැඩ පිළිවෙළක් හදලයි. එහෙම නැතුව මේ අවුරුද්දේ ඉදලා ලබන අවුරුද්ද වෙන කොට ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන්නේ නැහැ යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යළි එක්කිරිම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා කටයුතු කරමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

Read More

රුපියල් කෝටි 3කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 2.549 ක් හා විදේශීය රටක නිශ්පාදිත රිපීටර් වර්ගයේ ගිනිඅවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම අද (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

Read More

හම්බන්තොට තෙල් පිරිපහදුව ඇතුළු ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කළ අසත්‍ය ප්‍රකාශ ගැන කනගාටුවෙන බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සඳහන් කරයි.

Read More

මන්නාරම ශිලාවතුර අරිප්පු මුහුදු තීරයේදී ඊයේ (01) දින පුපුරණ ද්‍රව්‍ය යොදා (ඩයිනමයිට්) මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් සිවුදෙනෙකු පුපුරණ ද්‍රව්‍යයද සමග නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

එළැඹෙන අප්‍රේල් 15 දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකායශයට පත්කිරිමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

Read More

යාපනය වලිකාමම් උතුර ප්‍රදේශයේ ආරක්ෂක අංශ සතුව පවතින ඉඩම් අක්කර 400ක් මුල් පදිංචිකරුවන් වෙතට ඉතා කඩිනමින් ඉදිරියේදී නිදහස් කළ හැකි බවට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් උතුරු ආණ්ඩුකාර ආචාර්ය සුරේස් රාඝවන් මහතාට දැනුම් දෙනු ලැබීය.

Read More

හම්බන්තොට, මිරිජ්ජවිල ඉදිකිරීමට යෝජිත යැයි සඳහා තෙල් පිරිපහදුවේ ප්‍රධාන අයෝජනය සිදුකරන බව පැවැසෙන සමාගමේ හිමිකරුවා බවට පැවැසෙන ඉන්දීය දේශපාලඥයා සමාගමෙන් ඉවත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More

නීතිවිරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රංශය බලා යාමේ අරමුණින් පුත්තලම නගරයේ රැදි සිටි බාල වයස්කාර දරුවන් දෙදෙනෙකු ඇතුළු 11 දෙනා (3) වන දින දක්වා බන්ධනාගාර ගත කිරීමට පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා බන්ධනාගාර නිලධාරින්ට ඊයේ ( 1 ) දින සවස නියෝග කෙරුණි . ‍

Read More

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට තරමක ශක්තිමත් වීමක් පෙන්නුම් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.