දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදි කොට වසර විස්සක් සපිරීම නිමිත්තෙන් ඊයේ (01 දා) පැවති සංගීත සාදය අවසන් වෙද්දී ඇතිවූ ගැටුම් හා රිය අනතුරුවලින් එක් අයෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇතැයි දඹුල්ල පොලීසිය කියයි.
ජල මූලාශ්‍රවල ජල මට්ටම අඩුවෙමින් තිබෙන බවත්, එහෙත් ජල ඉල්ලුම 20%කින් ඉහළ ගොස් තිබෙන බවත් ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
Read Moreමෙරට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් වෙනුවෙන් පමණක් වසරකට රුපියල් බිලියන පහකට අධික ප්‍රමාණයක් වැය කරන බවට තොරතුරු හෙළිවෙයි.
Read Moreඩුබායිහිදී මාකඳුරේ මධූෂ් සමග අත්අඩංගුවට පත් තවත් සැකකරුවන් දෙදෙනෙක් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර ශ්‍රී ලංකාවට එවීමේදී කටුනායකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබේ.
Read Moreඅඹේපුස්ස - හබරණ මාර්ගයේ වැඩ නිම කිරිම වෙනුවෙන් තවත් රුපියල් කෝටි 30ක මුදලක් නොදුන හොත් ඉදිරි මැතිවරණයකදී අනෙක් පාර්ශ්වයට යන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.
Read Moreපළාත් සභා හා පළාත් පාලන ආයතනවල සේවය කරන රාජ්‍ය සේවකයන්ට මෙවර අලුත් අවුරුද්දට පෙර වැටුප් ගෙවීම ගැටලුවක් බවත් එයට වගකිව යුත්තේ පාර්ලිමේන්තුවේ දී අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජයට පත්කළ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් බවත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
Read Moreප්‍රථම වරට පවත්වනු ලබන ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල-2018 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ලබන 10 වැනිදා සවස 4.00ට පැවැත්වෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා පැවසීය.
Read Moreගෙන ඒමට නියමිත ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව හා විධායක සේවාවලට ඇති වී තිබෙන වැටුප් හා දීමනා ගැටලු විසඳා ගැනීමට මේ මස 04 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreමතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන , බක්මහ දිවුරුම, අප්‍රේල් 03වනදා සිදු කෙරේ.
Read Moreඑසේම අධිකරණ අමාත්‍යවරිය තමන්ගේ දුරකතන ඇමතුම් සඳහා ප්‍රතිචාර නොදක්වන බවත් ඔහු සඳහන් කළේය.
Read Moreඅද දවස ඉතාම වැදගත්. අද දවස මේ රටේ බොහෝ දෙනෙක් උදේ නැගිටපු ගමන් තමන්ගේ හිතවතුන්ට බොරුවක් කියලා රවටන දවස. බොරුවගේ දවස. මේ දවස හරියටම ගැලපෙන්නේ යහපාලන ආණ්ඩුවට. ඒ කියන්නේ යහපාලන ආණ්ඩුවේ නායකයින්ගේ දවස. ඒ අයට හොඳ දවසක් නිසා පුළුවන් තරම් බොරු කියන්න පුළුවන්.
Read Moreකුමන පුද්ගලයෙක් රටේ පාලනයට පැමිණියද ඉදරි වසර දෙක තුළ රට බංකොලොත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
Read Moreදරුවන්ගේ හෘද රෝග සැත්කම් සිදු කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර 17 ක් සහ නයිට්‍රික් ඔක්සයිඩ් සිලින්ඩර කඩිනමින් ශ්‍රි ලංකාවට ගෙනඑන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නිලධාරීන්ට පසුගියදා උපදෙස් ලබාදුන්නේය.
Read Moreමන්නාරම් මුහුදේ ඩිංගි යාත්‍රාවක් යොදාගෙන ඉන්දියාවට ගමන් කිරීමට උත්සාහ දැරූ නයිජීරියානු ජාතිකයින් සිවු දෙනෙකු සහ මන්නාරමේ පදිංචි දෙදෙනෙකු ඊයේ (31) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
Read Moreවධහිංසා වැළැක්විම පිළිබඳව එක්සත් ජාතීන්ගේ අතුරු කමිටුව හෙට (02දා) ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමට නියමිතය. එම කමිටුව 12 දා තෙක් ලංකාවේ රැඳී සිටීමට නියමිතය.
Read Moreලසන්ත ඝාතනය ගෝඨාභය මහතා මත පටවා ඔහුට ඇමෙරිකාවේ දී නඩු පවරන්න කවුරුන් හෝ සැලසුම් කරනවා නම් එය දවල් හීනයක් පමණක් බවත්, මේක එජාපය ගෙතූ තවත් එක් බොරුවක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පා.ම උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreමීට අමතරව දිවයින පුරාම සාමාන්‍ය උෂ්ණත්වයද ඉහළ සෙල්සියස් අංශක පහේ සිට 2 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreපොළොන්නරුවේ සිට බන්ධනාගාර ගත වු රැඳවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගරය දක්වා ප්‍රවාහනය කරමින් තිබූ බස්රථයක බීමතින් සිටි ජේලර්වරයෙකු, සැරයන්වරයෙකු සහ බන්ධනාගාර නියාමකවරයෙකු ඊයේ (31) දින රාත්‍රී 11ට පමණ අත්අඩංගුවට ගත් බව මින්නේරිය පොලීසිය පවසයි.
Read Moreබොරුල්ල කිංසි පාරේදී බීමත්ව රිය පදවා අනතුරක් කිරීම හේතුවෙන් ඇප මත නිදහස්ව ඇති ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ඒම අනතුරෙන් තුවාල ලැබූ ත්‍රිරෝද එ රථ හිමියාගෙන් සමාව ඉල්ලීමට කටයුතු කුළේය.
Read Moreදේශපාලකයින්ට තනතුරු ලැබීමට දිව දෙපැත්තට නැවෙනවා නම් එය සුදුසුකමක් වී ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (31දා) පැවැසීය.
Read Moreඋතුරු මැද පාසල් දරුවන් 16,000ක් සඳහා නොමිලයේ සබලකරණය කරන ලද සහල් නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදනාගාරය අනුරාධපුර ගල්නෑව කලංකුට්ටියදී කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
Read Moreශ්‍රි ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණූ කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් මිලියන 60ක මුදලක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇත.
Read More“සුරක්ෂිතව පිළිගන්වන ආහාර පමණක් මිලදී ගනිමු” යන තේමාව යටතේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ආහාර සුරක්ෂිතතා සතිය අප්‍රේල් මස 01 සිට 07 දින දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
Read Moreනීතිවිරෝධී මත්ද්‍රව්‍ය නීතියේ රැහැනට හසුකර ගැනීම වෙනුවෙන් නවීන තාක්ෂණික උපකරණ ශ්‍රී ලංකාවට ආනයනය කිරිමට රජයේ අවධානය යොමුව තිබේ.
Read Moreපවතින වියලි කාලගුණය නිසා කාසල්රි ජලාශයේ ජලය 49% ට වැඩි ප්‍රමාණයක් පහත බැස තිබේ. එය දඩමිමා කරගනිමින් ජලාශයේ ජලය සිදී ගිය ස්ථාන වල ඉවුර හාරමින් කිසියම් පිරිසක් මහා පරිමාණයේ මැණික් ගැරිමේ ජාවාරමක් සිදු කරමින් පවති.
Read Moreනිති විරෝධි මත්ද්‍රව්‍ය වසර දෙකකින් අවසන් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
Read Moreබීමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකිරිමේ චෝදනා යටතේ පොලිස් ඇප මත මුදා හැරි දිමුත් කරුණාරත්න අද අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ඇප මත නිදහස් කෙරිණි.
Read Moreඉකුත්දා බොරැල්ල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කිරීමේ සිද්ධියේ ඩිෆෙන්ඩර් වාහනය පැදවූ රියදුරු වන නවිදු රත්නායක ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.
Read Moreමාතලේ නොත්මාතලේ ප්‍රදේශයේ නිවසක් ඉදිකිරිමට බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් ගෙපලක් කපමින් සිටියදී එහිවු පොල් ගසක මුලක් උගුල්ලා ඇති අතර එය රෝල්වී ඒ අවට සෙල්ලම් කරමින් සිටි වයස අවුරුදු දෙකක පමණ කුඩා පිරිමි දරුවෙකු එම මුලවැදි එම ස්ථානයේදීම මියගොස් ඇතැයි මහවෙල පොලීසිය පවසයි.
Read Moreකිලෝ ග්‍රෑම් 769ක් වන කොකෙන් මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. මුලින්ම කැලණිය ගෝනවල පිහිටි ගබඩා සංකීර්ණයකදී මෙම කොකොන් මත්ද්‍රව්‍ය තොගය දියර බවට පත්කිරීම සිදුවෙයි.
Read More