විදුලි අර්බුදයට ලාංකිකයෙකුගෙන් විසඳුමක්
විදුලිබල අර්බුධය විසදීමට මිල අවම නවතාක්ෂණික ක්රමෝපායක් හඳුන්වාදී තිබේ. ඒ අනුව ඉන්ධන රහිත ද්‍රව තෙරපුම්බල එන්ජිමක් නිපදවා ඇති අතර එය විෂයබාර අමාත්‍ය රවී කරුණනායක මහතාගේ අවධානයට ලක්ව තිබේ.
"ඇත්තෙන්ම බලශක්ති ක්ෂේත්රයේ නව හැරවුම් ලක්ෂයක් වශයෙන් මා විසින් සොයාගත් මෙම තාක්ෂණය යොදාගත හැකියි. කුඩා ජල ප්‍රභවයකින් වුවත් බලශක්තිය උත්පාදනය කළ හැකි ක්‍රමවේදයක් තමයි මා විසින් සොයාගෙන තිබෙන්නේ.
ඉදිරියේදී මේ රටේ විදුලිබල ක්ෂේත්රයේ වර්ධනයක් කිරීම පිණිස, මෙම නව ක්‍රමවේදය ව්‍යාප්ත කිරීමට රජයේ සහයෝගය ලබාදිමට විදුලිබල අමාත්‍යතුමන් පොරොන්දු වුණා. ඒ අනුව ඉදිරියේදී තවත් වර්ෂ එකහමාරක් වැනි කාලයක් තුළ සමස්ත දිවයින ආවරණය වන පරිදි ඉන්ධන රහිත ද්‍රව තෙරපුම්බල එන්ජිම විදුලි උත්පාදන ක්‍රමය යොදාගනිමින් විදුලි උත්පාදය කිරීමට හැකිවේවි.
මේ වනවිට දිවයිනේ භාවිත වන ජල විදුලි උත්පාදන ක්‍රමය වෙනුවෙන් විශාල ජල ප්‍රභවයන් අවශ්‍යයි. නමුත් මේ ක්‍රමය යටතේ අගල් දෙකක තුනක ජල ප්‍රභවයකින් පවා විදුලිය උත්පාදනය කළ හැකියි. අනාගතයේදී මේ ක්‍රමය සමස්ත ලෝකය පුරාම ප්‍රචලිත වේවි" යැයි නව බලශක්ති උත්පාදන ක්‍රමවේදයක් මගින් බලශක්ති අර්බුධයට විසදුම් ලබාදීමට ඉන්ධන රහිත ද්‍රව තෙරපුම්බල එන්ජිම හදුන්වාදුන් මල්ලව රූපසිංහ මහතා පවසයි.
අද (02) පස්වරුවේ විදුලිබල,බලශක්ති සහ ව්‍යපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවූ මල්ලව රූපසිංහ මහතා විසින් සිය නව සොයාගැනීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැනුවත් කළේය.
මල්ලව රූපසිංහ මහතා විසින් මේ වනවිට මෙම ඉන්ධන රහිත ද්‍රව තෙරපුම්බල එන්ජිම යොදාගනිමින් විදුලි නිෂ්පාදන කාර්යයෙහි සාර්ථක අන්දමින් කටයුතු කරයි. ඔහු තම නිවසේ ඇති ජල ටැංකියට මෙම ඒනජිම සවිකර කිලෝ වොට් 2 ක පමණ විදුලියක් උත්පාදනය කරයි. එම කිලෝ වොට් දෙකක බලාගාරය ඉදිකිරිමට ඔහුට වැයවී ඇත්තේ ලක්ෂ හයක් පමණ මුදලකි. මල්ලව රූපසිංහ මහතා පවසන පරිදි එම මුදලම වැයකර අවශ්‍ය නම් කිලෝවොට් විසිපහක බලාගාරයක්ද ඉදිකල හැකිය. එවැනි බලාගාරයකින් නිවාස 20 කට විදුලිය ලබාදිය හැකි බව ඔහු පවසයි.

popular news
-
Kumar Wednesday, 03 April 2019 03:55 AM
ඔය කියන යන්ත්‍රය ස්වාබදහමේ නීති වලට අනුකුලව නොවන වග කියන්න ඕනෙ. තව මස කිහිපයකින් සාර්ථකද නැද්ද දැනගන්න බැරිය.
Reply : 0 1
lokkaya Wednesday, 03 April 2019 09:44 AM
වහාම අත්අඩංගුවට අරන් සිරගත කොරයි ද දන්නේ නෑ.
Reply : 0 5
dinal Wednesday, 03 April 2019 04:11 PM
විදුලිබල මණ්ඩලයට අරක්ගත් කොමිස් කාක්කන් මේක ක්‍රියාත්මක කරන්න ඉඩදෙයිද ?මේක පරිසර හිතකාමී නැහැ කියාවි.මේ යන්ත්රඅවට පදිංචි ඇත්තන්ට හුස්මගන්න බැහැ කියාවි .බොන්න දීල කුලියට මිනිස්සු අරන් උද්ඝෝෂණ කරවී මහපාරේ නිදාගනිවී..මේ වගේ ප්‍රශ්නවලට නිර්භීතව මුහුණ දෙනවනම් මේ වෙයපෘතිය කියාත්මක කරන්න පුළුවන්.
Reply : 2 18
කසුන් Thursday, 04 April 2019 08:33 PM
මිනිස්සු හදපු එක දෙයක් තියෙනවද ස්වභාවික නැනේ ? ඒ කොල්ලා සංකල්පයක් විදියට හරි මෙහෙම දෙයක් ඉදිරිපත් කරපු එකම ලොකු දෙයක් (හැදුවත් නැතත් ) අපේ මිනිස්සුන්ගේ කුහක කම මේකෙන්ම පේනවා කවදා මේ රට හැදෙයිද?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

