ජල සම්පාදන මණ්ඩලයට වංචා කර එහි ගණකාධිකාරිට වසර 37 ක සිරදඩුවමක්
ජල සම්පාදන මණ්ඩලයට අයත් රුපියල් එක්කෝටි විසිලක්ෂයක මුදලක් වංචා කිරීමේ චෝදනාවන්ට වරදකරු වු ජල සම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලයේ කැලණිය ප්‍රාදේශිය කාර්යාලයේ හිටපු ගණකාධිකාරීවරයාට වසර 37ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ජල සම්පාදන මණ්ඩලයට රුපියල් එක්කෝටි තිස්ලක්ෂයක වන්දියක් ගෙවීමටද අද (02) නියම කළේය.
ජල සම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලයේ කැලණිය ප්‍රාදේශිය කාර්යාලයේ හිටපු කළමණාකරුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා මෙම වරද කළ බවට වු චෝදනාවන්ට විත්තිකරු වරදකරු කරමින් නියම කළ සිරදඩුවමට අමතරව රුපියල් ලක්ෂ 40ක දඩ මුදලක් ද විත්තිකරුට නියම කළ විනිසුරුවරයා දඩ සහ වන්දි මුදල් නොගෙවුවහොත් තවත් අමතර වසර 23ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කළේය.
මීට වසර 14කට පෙර මෙම වංචාව සිදුකිරීමේ චෝදනාවට වරදකරු වීම නිසා මෙලෙස දඩුවම් නියම වුයේ ජල සම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලයේ කැලණිය ප්‍රාදේශිය කාර්යාලයේ ගණකාධිකාරීවරයා ලෙස කටයුතු කළ ආනන්ද මාබෝල (66) මහතාටය.
2005 වසරේදී ජල සම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලයේ කැලණිය ප්‍රාදේශිය කාර්යාලයේගණකාධිකාරීවරයා ලෙස කටයුතු කරමින් එහි කළමණාකාරවරයාගේ අත්සන චෙක්පත්57 කට ව්‍යාජ ලෙස යොදා ජල සම්පාදන මණ්ඩලයට අයත් රුපියල් එක්කෝටි විසිලක්ෂයක මුදලක් වංචා කිරීම ඇතුළු චෝදනා හයක් යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.
මෙම නඩුවට ඉදිරිපත්වී සිටි විත්තිකරු නඩුවේ සාක්කි විභාග කිරීම ආරම්භ කිරීමෙන් අනතුරුව අධිකරණය මඟහැර පිට ප්‍රදේශයකට පළාගොස් සැඟව සිට ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් මහත් පරීශ්‍රමයක් දරා පසු අවස්ථාවක ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේදී සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා ජල සම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලයේ කැලණිය ප්‍රාදේශිය කාර්යාලයේ ගණකාධිකාරීවරයා ලෙස කටයුතු කළ විත්තිකරු ඉතා සුක්ෂම අන්දමින් ජල සම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලයේ කැලණිය ප්‍රාදේශිය කාර්යාලයේ හිටපු කළමණාකරුගේ අත්සනව්යාජ ලෙස යොදා මෙම වංචාව සිදුකොට ඇතැයි සඳහන් කළේය.
වසරක කාලයක් තුළදී චෙක්පත් 57 කට ජල සම්පාදන මණ්ඩලයේ කළමණාකාරවරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා මණ්ඩලයට අයත් රුපියල් එක්කෝටි විසිලක්ෂයක මුදලක් වංචා කොට ඇති බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීන්දු කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහි චෝදනා හයටම ඔහු වරදකරු බව තීරණය කළේය.

popular news
-
Deepal Nirosh Wednesday, 03 April 2019 10:02 AM
අවුරුදු හතරකට පසු යාන්තම් එකක් කරල පෙන්නුව. හැබැයි විශේෂ අධිකරණ කිසිවක් අවශ්‍ය වුණේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

