දූෂිතයන් හෙළි කිරිමට මහින්දගෙන් සංවිධානයක්
වංචාවට දූෂණයට එරෙහිව පුළුල් ජනතා සංවිධානයක් ගොඩනගන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
ගෙවීගිය කාලයේ පැවැති ආණ්ඩුවල වංචාව දූෂණය සිදුකළ පිරිස් සිටි බවත් මේ නිසා වංචනිකයින් දූෂිතයින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් පිළිබඳ රටට හෙළි කිරීමට මෙම සංවිධානය ගොඩනගන බවද අද (02 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
බැඳුම්කර වංචාව පිළිබඳව රටට හෙළිකර නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට පළමුවෙන්ම පැමිණිල කළේ තමා බවද කියා සිටියේය.
විදුලිය තුළ විශාල ජාවාරම් සිදුවන බවත් මෙම වංචා දූෂණ ඇතුළුව රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණ වංචා හෙළිකරන බවද කියා සිටියේය.
මහින්ද අමරවීර මහතාගේ නමින් නව වෙබ් අඩවියක්ද අද එළිදැක්වූ අතර එම වෙබ් අඩවිය හරහාත් දූෂිතයින් වංචනිකයින් හෙළිකරන බවද සඳහන් කළේය.

popular news
-
rocky Thursday, 04 April 2019 07:17 AM
අප්පට සිරි! මෙන්න ලෝකයේ මෙතෙක් අහන්න ලැබුන ලොකුම විහිලුව!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

