දිමුත්ට ඩොලර් 7000ක දඬයක්
ක්‍රීඩක කොන්ත්‍රාත්තුව කඩ කරමන් බීමත්ව රිය පැඳවීම හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට ඇමෙරිකානු ඩොලර් 7000ක දඩයක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
පසුගියදා දිමුත් බීමත්ව රිය පදවා සිදු වූ අනතුරකින් ත්‍රිරෝද රථ හිමියෙක් තුවාල ලබා රෝහල් ගත කළේය. මෙම සිදුවීම සම්බන්ධයෙන් දිමුත් ඇප මත නිදහස්වූ අතර ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා තිබේ.
දිමුත් මීට පෙර වෘත්තීය ක්‍රීඩකයෙක් ලෙස උපරිම වගකීමෙන් කටයුතු කර ඇති හෙයින් ඔහුට එරෙහිව ඊට වඩා ක්‍රියාමාර්ගයක් නොගැනිමටද ක්‍රිකට් ආයතනය තිරණය කර තිබේ.
-
Champa Thursday, 04 April 2019 04:50 PM
හොඳයි වැඩේ. බීල වාහනේ පදවල ත්‍රි රෝද රථයක් හප්පපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයට කජු ඇට කොස් ඇට දඬුවක්මක් දීල. ඩොලර් 7000 මොකක්ද? වෙන රටක නම් කතා දෙකක් නැහැ කෙලින්ම ජාතික කණ්ඩායමෙන් ඉවත් කරනවා. දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩිපුර ඉන්නේ බේබද්දොයි, නයිට් ක්ලබ් යන්නොයි, ක්‍රිකට් ලෝලී විදේශික ගැහැණු ළමයි රෑට කාමරේට ගෙන්වාගෙන අතවර කරන්නොයි, ඇමතිට කේලම් කියන්නොයි, පරක්කු වෙලා පුහුණු වීම් වලට එන්නොයි, හොර ලෙඩ ගන්නොයි සමඟ මැච් ෆික්සින් කාරයොයි. විනය අතින් ලෝකේ අන්තිම පහලම තැන ඉන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම. පෞද්ගලික සමාගම් ව්‍යාපාරයක් විදිහට පවත්වා ගෙන යන ක්‍රිකට් වලට මහජන මුදල් වැය කිරීම වහාම නැවැත්විය යුතුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

