උතුරෙන් තවත් ඉඩම් අක්කර 400ක් නිදහස් කිරිමට යයි
යාපනය වලිකාමම් උතුර ප්‍රදේශයේ ආරක්ෂක අංශ සතුව පවතින ඉඩම් අක්කර 400ක් මුල් පදිංචිකරුවන් වෙතට ඉතා කඩිනමින් ඉදිරියේදී නිදහස් කළ හැකි බවට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් උතුරු ආණ්ඩුකාර ආචාර්ය සුරේස් රාඝවන් මහතාට දැනුම් දෙනු ලැබීය.
උතුරු පළාත් ආණ්ඩුකාරවරයා යාපනය වලිකාමම් උතුරු ප්‍රදේශයේ ආරක්ෂක අංශ භාරයේ ඇති ඉඩම් හා නිදහස් කල හැකි ඉඩම් පිළිබඳව සොයා බැලීම සඳහා එම ප්‍රදේශයට ගොස් යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමු වූ අවස්ථාවේදී මේ බව යුද හමුදා නිලධාරීන් විසින් දැනුම් දී ඇත.
එමෙන්ම වලිකාමම් උතුරු ප්‍රදේශයේ ආරක්ෂක අංශ භාරයේ පිහිටි මයිලිඩ්ඩි කනික්කායිමාතා දේවස්ථානයද, මයිලිඩ්ඩි රෝමානු කතෝලික පාසලේද වත්මන් තත්ත්වය සොයා බැලීමට උතුරු ආණ්ඩුකාරවරයා විසින් පියවර ගත් අතර එම ප්‍රදේශ නිදහස් කිරීමට ප්‍රතිපාදන ලැබුණු විගස නිදහස් කිරීමට පියවර ගන්නා බවද යුද හමුදා නිලධාරීන් විසින් දැනුම් දෙනු ලැබීය.
ඊට අමතරව යුද හමුදාවෙන් නිදහස් කරන ලද මයිලිඩ්ඩි වරායේ වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලීමටද උතුරු ආණ්ඩුකාර වරයා විසින් පියවර ගත් අතර එහිදී වරායේ සංවර්ධන කටයුතු හා ධීවරයින්ට අවශ්‍ය පහසුකම් පිළිබඳවද සොයා බැලීය.

popular news
-
Champa Tuesday, 02 April 2019 06:44 PM
මුල් පදිංචි කරුවෝ ඔක්කොම වෙල්ලාලයෝ. නැත්නම් කොටි ඩියස්පෝරාවේ proxies.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

