ජනපති ශිෂ්‍යත්වය අහෝසි කිරිමට විකල්ප පෙන්වයි
පහේ ශිෂ්‍යත්වය කිරීම අහෝසි කළ යුතුයි කියලා මම හිතන්නේ. පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමට ඒ තීන්දුව ගන්නේ ඊට විකල්ප වැඩ පිළිවෙළක් හදලයි. එහෙම නැතුව මේ අවුරුද්දේ ඉදලා ලබන අවුරුද්ද වෙන කොට ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන්නේ නැහැ යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඊයේ (1) දින විවෘත කිරිමකට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව පැවසිය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිතුමා,
“අපි ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරලා ඉදිරිපත් කරන විකල්ප යෝජනාව කුමක්ද? අධ්‍යාපනඥයින් සමඟ සාකච්ජා කරලා 07 හෝ 08 විභාගයත් එතනින් ලොව දියුණු වූ තාක්ෂණයත් සමඟ දරුවන්ගේ අධ්‍යාපනය හැදීමයි බලාපොරොත්තු වන්නේ.
07 වන පන්තියේදී හෝ 08 වන පන්තියේ විභාගයක් පවත්වා ඒ විභාග ප්‍රතිඵල මත දරුවෝ තෝරනවා එක් එක් විශේෂිත විෂයන් සඳහා යොමුකරන්න. සරලව ගත්තොත් තාක්ෂණයෙන්, වෛද්‍ය, ඉංජිනේරු, කෘෂි, ගණිත, ආදි වශයෙන් විවිධ විෂයන් සඳහා එතනින් එහාට යන්නේ කොහොමද කියලා.
නව ලොව දැනුම කැටිකරගත් විෂයන් වෙත අපේ දරුවන් සකස් කරන්න ඕන. එයයි අවශ්‍ය වන්නේ. ශිෂ්‍යත්ව විභාගය අහෝසි කර බලාපොරොත්තු වන්නේ දරුවා නූතන ලෝකය සඳහා සකස් කිරීමයි” යැයි පැවසිය.

popular news
-
ajith Tuesday, 02 April 2019 03:58 PM
අඩුම ගානේ වසර 6ක් කලින් කියන්න ඕන (අලුතින් ප්‍රථමික පාසල් වලට යවන්න කලින් )
Reply : 0 0
Champa Tuesday, 02 April 2019 06:10 PM
ලොව දියුණු වූ තාක්ෂණය කියන්නේ මොකක්ද? ටැබ් දෙන එකද? වෙනස් කරන්න ඕනේ අධ්‍යාපන ක්‍රමය නෙමෙයි උගන්වන ක්‍රමය. දරුවා නූතන ලෝකය වෙත ගෙනියන්න ශිෂ්‍යත්ව විභාගේ අහෝසි කරන්න ඕනේ නැහැ. වහල් ආණ්ඩුව නූතන තාක්ෂනය ගේන්න හදන්නේ ඉහල, ඉහල මධ්‍යම සහ මධ්‍යම පන්තියේ මිනිස්සුන්ගේ ළමයි වෙනුවෙන්. සිලබස් වෙනස් කරන්න ඉස්සෙල්ල ලංකාවේ සියලු පාසල් වල පහසුකම් එක සමාන වෙන්න ඕනේ. හරිහැටි පන්ති කාමරයක් වත් නැති ගුරුවරු නැති ඉස්කෝල මොන තරම් නම් තියෙනවද? මුදල් නැතිකම නිසා දරුවෝ පාසල් එවන්නේ නැති පවුල් කොච්චර තියෙනවද? 2017 ආපු නියඟදී අනුරාධපුරේ පැත්තේ අම්ම කෙනෙක් කිව්වා ඒ දවස් ටිකේ එයාගේ දරුවෝ තුන්දෙනා ඉස්කෝලේ යැව්වේ නැහැලු ඉස්කෝලේ ගෙනියන්න දෙන්න කෑම නැති නිසා, අනිත් දරුවෝ කන කොට එයාග ළමයින්ට බඩගින්නේ බලා ඉන්න වෙන හින්ද. කවදාවත් නැති බැරි කම් නොකිව්වට දැන් එහෙම කරන්න බැරි තරමට ජීවත් වෙන එක අමරුලු. මේකයි රටේ වැඩි හරියක් තත්වේ. ඊයේ පෙරේද බම්බු smart bus stop එකක් හැදුව මිල්යන් 2000ක් වියදම් කරලා. ට්‍රිලියන් ගණන් ණය අරගෙන හිතේ හැටියට වියදම් කරනව. දැන් ඕක නඩත්තුවට කොච්චර යනවද? ඔයිට වඩා අඩු මුදලට නඩත්තුවත් අඩුවෙන් ඔයි වැඩේ
Reply : 0 0
Champa Tuesday, 02 April 2019 06:27 PM
හැමෝම කතා කරනවා විභාග හින්දා දරුවන්ටයි දෙමව්පියන්ටයි පීඩනය වැඩියි කියලා. ඒ හින්දා විභාග අහෝසි කරන්න හෝ ලෙහෙසි කරන්න යනව. ඇත්තටම කොව්වොත් ඔය කියන පීඩනය නැති කරන්න කරන්න තියෙන්නේ හරිම සරල දෙයක්. ලංකාවේ අධ්‍යාපනය ක්‍රමය තියෙන්න ඕනේ ලංකාවට ගැලපෙන විදිහට. ඒ මොකොද කිව්වා නම් රජයේ විභාග සමත් වෙන දරුවන්ගෙන් සියයට 99ක්ම ජීවත් වෙන්නේ සහ රැකියාවක් කරන්නේ ලංකාවේ නිසා. අනික වැඩිම රැකියා තියෙන්නේ රාජ්‍ය සේවයේ. පීඩනය තියෙන්නේ ඉගෙන ගත්තට කරන්න රැකියාවක් නැති නිසා. රැකියාවන් නැත්තේ පාලකයන්ට රටේ අනාගතය ගැන දැක්මක් නැති නිසා. ඒ හින්ද එහෙන් මෙහෙන් අහුලා අහුලා තීන්දු ගන්නවා. ආණ්ඩු එන එන ගානේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

