සීමාවාසික වෛද්‍ය පුහුණුව ලැබීමට සුදුසුකම් ලැබු මාළඹේ වෛද්‍ය විද්‍යාලයෙන් (සයිටම්) වෛද්‍ය උපාධිය ලබාගත් වෛද්‍ය සිසුන්ට සීමාවාසික වෛද්‍ය පුහුණුව ලබානොදී රජයේ වෛද්‍ය පීඨ සහ කොතලාවල වෛද්‍ය පීඨ උපාධිධාරීන්ට පමණක් එම පත්වීම් ලබා දෙන බව කියමින් සයිටම් සිසුන් තිදෙනෙකු විසින් ගොනු කොට තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම ලබන මැයි මස 09 වැනිදා විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) තීරණය කළේය.
රජයේ විශ්ව විද්‍යාල වලින් සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධි ලබාගත් වෛද්‍ය සිසුන්ට සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම් වළකාලමින් නිකුත් කොට තිබු අතුරු තහනම් නියෝගය විසුරුවරුවා හැරීමටද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියම කළේය.
සයිටම් සිසුන් තිදෙනෙකු විසින් ගොනු කොට තිබු මුලික අයිතිවාසිකම් පෙත්සමක් සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මෙලෙස නියම කළේය.
මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරීන් තිදෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ බුවනෙක අළුවිහාරේ, ආර්.ටී.බී. දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙලෙස නියම කළේය.
මාළඹේ වෛද්‍ය විද්‍යාලයෙන් (සයිටම්) වෛද්‍ය උපාධිය ලබාගත් එස්.එම්. හල්පේ, පී.පී. පණ්ඩුලගේ සහ කේ.ඞී.කේ. මාරපන යන වෛද්‍ය සිසුන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කොට ඇත.
එහි වගඋත්තරකරුවන් වශයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා, ශ්‍රි ලංකා වෛද්‍ය සභාව සහ නීතිපතිවරයා නම් කොට ඇත.
මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වසර පහකට ආසන්න කාලයක් පුරා තමන් වෛද්‍ය උපාධිය හැදෑරූ බවත් සීමාවාසික වෛද්‍ය පුහුණුව ලැබීමට තමන් සුදුසුකම් ලැබ ඇති බවත් සඳහන් කරන පෙත්සම්කරුවෝ එහෙත් තමන්ට සීමාවාසික වෛද්‍ය පුහුණුව ලබානොදී රජයේ වෛද්‍ය පීඨ සහ කොතලාවල වෛද්‍ය පීඨ උපාධිධාරීන්ට පමණක් එම පත්වීම් ලබා දෙන බවද සඳහන් කොට ඇත.
