saravita-anim2

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2026 අප්‍රේල් මස 29 වන බදාදා

Latest News - timelapse 10258 hours ago

LATEST

නව අගමැති මහින්ද 12.30ට දිවුරුම් ‌දෙයි

calendar_today 2019 නොවැ 21 - 12:15 remove_red_eye - 980  

නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරු 12.30ට ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව තිබේ.

ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමට ආණ්ඩුව විසින් තීරණය කර ඇති බවට ගෙන යන ප්‍රතිචාර අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

Read More

කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් යහලතැන්න කන්ද ප්‍රදේශයේදී ත්‍රිරෝද රියක් ප්‍රපාතයකට පෙරළි සිදුවූ රිය අනතුරකින් බරපතළ තුවාල ලැබ රෝහල්ගත කර සිටි එම ත්‍රීරෝද රථයේ රියැදුරු ඊයේ (20 ) වනදා රාත්‍රියේ මිය ගොස් තිබේ.

Read More

ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ ලක්දිවට වැඩම කර වු දා සිට උන්වහන්සේ රැකබලාගැනීම පැවරුණු පරම්පරාවේ අදටත් එම රාජකාරිය දිවි පරදුවට තබා සිදුකරන පවුලක වර්තමාන අසරණ කතා පුවතක් පසුගියදා දැකගැනීමට අපට හැකි විය.

Read More

පාදුක්ක ප්‍රදේශයේ හඳුනාගත් භූමි භාගයක් කේන්ද්‍ර කරගනිමින් සියළු පහසුකම් වලින් යුතු ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පාලනාධිකාරිය මේ වන විට පියවර ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා නිහස් පක්ෂ‍යේ මධ්‍යම කාරක සභාව අද (21දා) පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පවසයි.

Read More

සිය ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයෙන් ඉවත්ව යෑමට පෙරාතුව එහි කාර්ය මණ්ඩලය ඇමතීමට කටයුතු කළේය.

Read More

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 8කින් අඩු කිරීම නිසා පාන් ගෙඩියක මිල රුපියල් 5කින් පහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35/1 වගන්තිය අනුව ජනපතිවරයාට එරෙහිව සිවිල් හෝ අපරාධන නඩුවක් පවත්වාගෙන යෑමට නොහැකි වීම හේතුවෙන් ජනපතිවරයා එම නඩුවෙන් නිදහස් කර තිබේ.

Read More

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබූ හමුව අවලංගු නොකළ බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපතිධුර අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට පැමිණෙන ජනතාවට වෝක්ෂෝල් වීදියේ පිහිටි එම පෙරමුණේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයට පැමිණෙන ලෙස දන්වා තිබේ.

Read More

පළාත් හයක් (06) සඳහා නව ආණ්ඩුකාරවරුන් පත්කර තිබේ. ඒ අනුව බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරිය ලෙස වෛද්‍ය සීතා අරඹේපොල, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලලිත් යූ ගමගේ, ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස රාජා කොල්ලුරේ මහතාද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය විලි ගමගේ මහතාත් වයඹ ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්.මුසම්මිල් සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ටිකිරි කොබ්බෑකඩුව යන මහත්ම මහත්මීන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දී තිබේ

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කිරීමට නියමිත ආමාත්‍ය මණ්ඩලයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ නම කැපී ගොස් ඇතැයි වාර්තා වෙයි.

Read More

සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂනායක ධුරය ලබාදෙන ලෙසට එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයන් කීපදෙනෙක් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනහකට වැඩි පිරිසක් දැනටමත් ලිපියකට අත්සන් තබා ඇති අතර, එම ලිපිය අද හෝ හෙට දිනයේ දී කථානායකවරයාට භාරදීමට සූදානම්ව ඇතැයි ’අද’ පුවත්පතට වාර්තා වෙයි.

Read More

සියලුම රජයේ සේවකයන්ගේ විදේශ සංචාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය පරිදි නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇත.

Read More

රට තුළ සාමකාමීව ජීවත්විය හැකි වාතාවරණයක් රට තුළ පවත්වාගෙන යෑමට සියලු විධි විධාන යොදා ඇති හෙයින් අනිසි බියක් ඇති කර නොගෙන සාමාන්‍ය පරිදි ජන ජීවිතය පවත්වාගෙන යා හැකි බව ආකර්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා නිවේදනය කරයි.

Read More

තේ දලු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හත් දෙනෙකු අද (20) පස්වරුවේ බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි එ.එස්.කේ ජයසුරිය මහතා පැවසිය.

Read More

රුවන්වැලි සෑ රඳුන්ගේ පැළඳවීම සඳහා නිර්මාණය කරන ලද නව රන් පාදම සහිත චූඩා මාණික්‍ය සෑ රඳුන් මත පැළඳවීම හා ස්වර්ණාලේපිත කොත් වහන්සේ නිරාවරණය ලබන නොවැම්බර් 26 වැනිදා මහ සඟරුවනේ මූලිකත්වයෙන් සිදුකරන බව රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාමිහියෝ අද පස්වරුවේ මාධ්‍යයට ප්‍රකාශ කළහ.

Read More

මහේස්ත්‍රාත් අධිකරණයක මුදල් අයකැමි වරයෙකු මුදල් වංචා කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ විශේෂ විමර්ශන අංශය මගින් සැකපිට අඩංගුවට ගෙන ඇත.

Read More

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හා අභිනව ජනාධිපති හා සන්නද්ධ සේවාවන්හි සේනාවිධායක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර නිල හමුවීම ඊයේ (19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය.

Read More

අමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සබඳතා සහ ආයෝජන වැඩි කිරීම සඳහා ඇමෙරිකාව සමග කටයුතු කිරීමට සූදානම් බව ජනපති ගොඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

එළැඹෙන මහ මැතිවරණයෙන් පසුව නව සිංහල රාවය සංවිධානය විසුරුවාහරින බව එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ පවසති.

Read More

තිරිඟු පිටි සමාගම හා බේකරි හිමියන් සහ රජය අතර පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් පාන් ගෙඩියක මිල අද (20දා) මධ්‍යම රාත්‍රී 12 සිට රුපියල් 5කින් ඉහළ දැමූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

මෙම මැතිවරණයේ දී ශෝචනියම ඉරණම අත් වුණේ ජවිපෙට බවත් දැවැන්ත වියදමක් කර රට පුරා පෝස්ටර් වලින් නහවපු ගාලු මුවදොර පිට්ටනිය පුරවලා පෙන්නපු ජවිපෙට ලැබුණේ ඡන්ද 3%ක් බවත් ඒ පිට්ටනියට ආපු අයගෙන් පවුල් පිටින් ඡන්දය දුන්න නම් ජනතා විමුක්ති පෙරමුණට මීට වඩා ඡන්දයක් ලැබෙන්නට අවශ්‍ය බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

මම ලෝකය පුරාම විස්සයි20 තරගාවලි ක්‍රීඩා කර තිබෙනවා. මට හිතෙනවා තවත් වසර 2ක් මට ඒක කළමනාකරණය කරගන්න පුළුවන් කියලා.

Read More

අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ තමන්ට ප්‍රශංසා මෙන්ම නින්දා අපහස එල්ල වූ බවත් තමන්ට ප්‍රශංසා කළ, නින්දා කළ, හොඳ කියූ, නරක කියූ සියළු දෙනාටම ස්තුතිය පිරිනමන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

Read More

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශන්කර් මහතා ඊයේ (19) වනදා රාත්‍රියේ කොළඹ, අරලියගහ මන්දිරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවි සාකච්ඡා පැවැත්විය.

Read More

විපක්ෂනායක තනතුර සඳහා ජනපතිවරණයේදී දෙවැනි ස්ථානයට පත්වූ සජිත් ප්‍රේමදාස මහතා පත්කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මේ වන විටත් ප්‍රකාශ කර තිබේ.

Read More

තම දිවියේ ඉතිරි කාලය ශ්‍රී ලංකාවේ දිවියන් සංරක්ෂණය කිරීම වෙනුවෙන් ආරම්භ කර ඇති ’දිවියන්ගේ ව්‍යාපෘතිය’ වෙනුවෙන් කැප කරන බව නව ප්‍රජාත්‍යන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

නිල සංචාරයක් සඳහා නොවැ. 14 වන දින මෙරටට පැමිණි චීන නාවික හමුදාවට අයත් ‘ෂු කේ ෂෙන්’ නෞකාව ඊයේ (19) දින කොළඹ වරායෙන් පිටත් විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.