ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හා අභිනව ජනාධිපති හා සන්නද්ධ සේවාවන්හි සේනාවිධායක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර නිල හමුවීම ඊයේ (19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය.
ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විසින් ජනාධිපතිතුමා හට සුබ පැතුම් එක් කළ අතර, රටේ ආරක්ෂාව සඳහා තම පූර්ණ සහාය ලබා දෙන බව තහවුරු කරන ලදි.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විසින් ජනාධිපතිතුමා වෙත සිහිවටනයක් ප්රදානය කිරීමද එම අවස්ථාවේ දී සිදු විය.
