නව ජනාධිපතිවරයාට නව ආණ්ඩුවක් පිහිටුවීමට අවකාශ සලසමින් තමන් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් එය නිල වශයෙන් හෙට (21දා) දිනයේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබුණත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු ජනවරම පිළිගෙන, ඔහුට අවශ්‍ය පරිදි ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ සැලසීමට තීරණය කළ බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ තමන්ට ප්‍රශංසා මෙන්ම නින්දා අපහස එල්ල වූ බවත් තමන්ට ප්‍රශංසා කළ, නින්දා කළ, හොඳ කියූ, නරක කියූ සියළු දෙනාටම ස්තුතිය පිරිනමන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.
