මහේස්ත්රාත් අධිකරණයක මුදල් අයකැමි වරයෙකු මුදල් වංචා කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ විශේෂ විමර්ශන අංශය මගින් සැකපිට අඩංගුවට ගෙන ඇත.
අදාළ මහේස්ත්රාත් අධිකරණයේ විනිසුරු විසින් වරදකරුවන්ට නියම කරනු ලබන දඩ මුදල් ගෙවිමේදී , එම මුදල් අයකැමි විසින් කුවිතාන්සි පොතෙහි වරද කරුවන් වෙත ලබාදෙන මුල් පිටපතෙහි නියම මුදල සඳහන් කොට එහි දෙවන පිටපත කාබන් සටහන සඳහන් නොවන අයුරින් සකස් කරමින් කලක පටන් විශාල වශයෙන් මුදල් වංචා කොට ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණයවි තිබේ.
විශේෂ විමර්ශන ඒකකයට ලැබි ඇති පැමිණිල්ලක් මත සිදු කළ මුලික විමර්ශනයේදී 2018 වසරේ මුල් කාලයේ සිට 2019 වසර මැද දක්වා අවස්ථා අටකදී මෙම සැකකාර අයකැමි විසින් රුපියල් දස ලක්ෂ හතලිස් අට දහස් තුන්සිය හැත්තෑ එකක මුදලක් වංචා කොට ඇති බව හෙළිවි ඇත.
මෙම වංචාව සදහා තවත් කිසිවෙකුත්ගේ සම්බන්ධයක් තිබෙද යන්න සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාසය භාර පොලිස් අධිකාරී කමල් පලිස්කාර මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර පරීක්ෂණ අරඹා ඇත.
ගම්පහ - තිලකරත්න දිසානායක
