තිරිඟු පිටි සමාගම හා බේකරි හිමියන් සහ රජය අතර පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් පාන් ගෙඩියක මිල අද (20දා) මධ්‍යම රාත්‍රී 12 සිට රුපියල් 5කින් ඉහළ දැමූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
රුපියල් අටයි ශත විස්සකින් තිරිඟු පිටි කිලෝවක මිල ඉහළ දැමීම නිසා එය සාමාන්‍ය මිල දක්වා පහත හෙළීමට තිරිඟු පිටි සමාගම සමග සාකච්ඡා කළද, එම සාකච්ඡා අසාර්ථක වූ බවද එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසීය.
