විපක්ෂනායක ධුරයට සටන ඇරඹෙයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය තනතුරින් ඉල්ලා අස්වීමත් සමග විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති ලෙස පත්වීමට නියමිතව තිබේ.
එසේම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඉදිරි පාර්ලිමේන්තු සැසියේදී විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතය.
මේ අනුව විපක්ෂයේ වැඩිම ආසන සංඛ්‍යාව හිමි පක්ෂය බවට එක්සත් ජාතික පක්ෂය පත්වන අතර ඒ අනුව එම පක්ෂයෙන් විපක්ෂනායකවරයා පත්කර ගැනීමට නියමිතය.
විපක්ෂනායක තනතුර සඳහා ජනපතිවරණයේදී දෙවැනි ස්ථානයට පත්වූ සජිත් ප්‍රේමදාස මහතා පත්කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මේ වන විටත් ප්‍රකාශ කර තිබේ.
අද පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ විපක්ෂනායක තනතුර සඳහා සුදුසුම පුද්ගලයා සජිත් ප්‍රේමදාස මහතා බවයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරින් ඉවත් වුවත් ඉදිරියේදී කුමනාකාරයෙන් කටයුතු කරන්නේද යන්න පිළිබඳව මේ දක්වාම ප්‍රකාශයට පත්කර නොමැත.
ඒ අනුව විපක්ෂනායක තනතුර වෙනුවෙන් ඉදිරි දින කිහිපය තුළ එක්සත් ජාතික පක්ෂය තුළ මතවාදයක් නිර්මාණය වෙනු ඇත.
නැවතත් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 03 දාය. මේ අතර පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවද හෙට දිනයේදී රැස්වීමට නියමිතව තිබේ.

popular news
-
Champa Wednesday, 20 November 2019 07:56 PM
විකාර. පාර්ලිමේන්තුවේ සම්ප්රදායක් තියෙනවා. විපක්ෂ නායක ධූරය එක එක පක්ෂ වල ඉන්න හෙන්චයියන්ට ඕනේ විදිහට ගන්න බැහැ. 2015 පත් වෙච්ච පාර්ලිමේන්තුවේ යූන්පී එකේ පක්ෂ නායකයා රනිල්. රනිල් පාර්ලිමේන්තුවේ ඉන්දත්දී වෙන කෙනෙක් විපක්ෂ නායක වෙන්න බැහැ. අනිත් එක ජනාධිපතිවරණෙට චන්දෙ ඉල්ලුවේ කවුද කියන එක පාර්ලිමේන්තුවට වැඩක් නැහැ. පාර්ලිමේන්තුවේ වැඩ කෙරෙන්නේ දශක ගානක් තිස්සේ පිළිගත්ත සම්ප්‍රදායන්, ප්‍රතිපත්ති සහ රීතින් අනුව. ඒවා ක්‍රියාත්මක කරන්නේ කථානායක. විපක්ෂ නායකයා කවුද කියල හරීන් වගේ රොටි දේශපාලකයෙක්ට තීරණය කරන්න බැහැ. නිකම් පැත්තකට වෙලා ඉන්න.
Reply : 0 0
චන්ද්‍රවංශ Sunday, 24 November 2019 11:32 PM
ඒවිදියට බැලුවොත් පොන්සේකා ජනාධිපති කමට ඉල්ලුවේ 2015 දී. එතකොට විප්ෂ නායක කම ඉල්ලා ඔහු රණ්ඩු කලේ නැහැනේ. සජිත් මහතා විජාතික කුමන්ත්‍රණයකට යට වෙලා වගේ. බටහිර රටවල් කුඩා රටවල් විනාශ කරන්න මේ ක්‍රමය යොදා ගන්නවා. පරෙස්සමින් මහත්තයෝ.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

