තේ දලු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හත් දෙනෙකු අද (20) පස්වරුවේ බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි එ.එස්.කේ ජයසුරිය මහතා පැවසිය.
බගවන්තලාව පොලිස් වසමට අයත් බ්‍රිඩ්වෙල් වතුයායේ පහළ කොටසේ ගසක් මත බැඳ තිබු බඹර කුඩුවක බඹර වදයක් කඩා ගැනිමට උකුස්සෙකු පහර දිම නිසා ඇවිස්සුණු බඹරුන් තමන්ට අද (20) පස්වරු 3.45 ට පමණ පහර දුන් බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බගන්තලාව ප්‍රාදේශිය රොහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරු කාන්තාවන් කියාසිටියේ.
බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු අයගේ තත්ත්වය බරපතළ නොවන බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යයවරයා පැවසිය.
