saravita-anim2

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා

Latest News - timelapse 127 hours ago

LATEST

2024දී සතොස අලාභය රු. බිලියනය ඉක්මවයි

calendar_today 2025 ඔක් 18 - 07:21 remove_red_eye - 191  

ලංකා සතොස සමාගම විසින් ඉකුත් වර්ෂයේ දි (2024) රුපියල් මිලියන 1,097ක ශුද්ධ අලාභයක් වාර්තාකොට ඇති බැව් මුදල් ක්‍රමසම්පාදන ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති අවසාන අයවැය තත්ත්වය පිළිබද වාර්තාවේ සදහන් වේ.

වර්තමානයේ මෙරට මුහුණ දී සිටින ජාතික ව්‍යසනයක් වන විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම ඉලක්ක කර ගත් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරිම සඳහා ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (17) පළමු වරට රැස් විය.

Read More

දෙරටේ සංවර්ධන ගමනේදී හවුල්කාරිත්වයෙන් යුතුව කටයුතු කිරීමට ඉන්දීය රජය කැපවී ක්‍රියා කරන බවටත්, ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සහ ඩිජිටල් පාලනය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට නිරන්තර සහයෝගය ලබාදෙන බවද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අවධාරණය කළේය.

Read More

දීපවාලී උත්සවය නිමිත්තෙන් ලබන අගහරුවාදා (21) දින ඌව පළාතේ හා මධ්‍යම සියළුම පළාත් සභා දමිල පාසල් වලට නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

ශ්‍රී ගුවන් සමාගමේ වියදම 2024/2025 වර්ෂයේ දි රුපියල් බිලියන 275.6ක් දක්වා සියයට 15.1කින් අඩුකරගැනිමට හැකිවි ඇති බැව් මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

Read More

හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදි ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගන්නා ලද බහුදින ධිවර යාත්‍රාව එහි සිටි ධිවරයින් පස් දෙනාද සමග අද (17) දහවල් ගාල්ල වරාය වෙත ගෙන එනලදි.

Read More

සුදුසු පරිදි ඉදිකිරීම් සිදු නොකළ ගොඩනැගිලි හිමිකරුවන් 18 දෙනෙකුගෙන් සමාගමට අය විය යුතු මුදල් තවම අයකරගෙන නැහැ - කෝප් කමිටුව පෙන්වා දෙයි.

Read More

ඉතා වටිනා ගජ මතු යුගලයක් සන්තකයේ තබාගෙන සිටි බව කියන සංචාරක මඟ පෙන්වන්නන් දෙදෙනෙකු දිගන අඹකොටේ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන කටුගස්තොට පොලිසියට බාර දී තිබේ.

Read More

විදේශ රැකියාවලට පිටත්ව යන විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් රජයේ නව වැඩපිලිවෙලට අනුව සහනදායි මිලට ගුවන් ටිකට් පත් නිකුත් කිරීමේ කවුලුවක් ඊයේ (10/16) විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් නාවල පාර, නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා විදේශ රැකියා ආයතනයේ දි විවෘත කරන ලදී.

Read More

ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ අංක 2446/34 දරන හා 2025.07.21 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය පසුගියදා හිමිවිය. ගැසට්පත්‍රයේ සඳහන් මෙම නියෝග ලබන 21 වැනිදා පාර්ලිමේන්තුවේ අනුමතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව තිබේ.

Read More

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක ප්‍රධානී යුද හමුදා හිටපු කර්නල් නෙවිල් වන්නිආරච්චි ඔක්තෝබර් මස 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Read More

ඉඩම් ගනුදෙනුවකට අදාලව කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 12ක මුදල් අල්ලසක් ලබා ගැනිමට තැත්තිරිමෙිදී කොස්ලන්ද, දියලුම ගොවිජන සේවා කාර්යාලයට අනුයුක්තව සේවය කරන, දිවුලගස්මුල්ල, කැලිපානාවල ග්‍රාම නිළධාරී වසම භාරව කටයුතු කල කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිළධාරීවරයා ඊයේ ( 16 ) අල්ලස් කොමිසමේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන වැල්ලවාය පොලිසිය වෙත ඉදිරිපත්කර තිබෙි.

Read More

මත්පැන් නිෂ්පාදන ආයතන පහකින් හිග සුරාබදු මුදල් හා ප්‍රමාද ගාස්තු වශයෙන් රුපියල් හයසිය තිස්තුන් කෝටි, හැත්තෑ පන්ලක්ෂ, අනු හයදහස් හත්සිය එකක මුදලක් (6,337,596,701) ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මස 31 දින වනවිට අයවිමට තිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත. වසර පහකට පමණ වැඩිකාලයක සිට හිග සුරාබදු මුදල් හා ප්‍රමාද ගාස්තු අයවිමට තිබු බවද මෙකි වාර්තාවේ සදහන් වේ.

Read More

මෙරට ලොකු ළූණු නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ දි (2024) මෙට්‍රික්ටොන් 8,828ක් දක්වා සියයට 73.6කින් කැපි පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බැව් මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පවසයි.

Read More

අධික වර්ෂාව හේතුවෙන් රත්තොට රිවස්ටන් හරහා ලග්ගල දක්වා දිවෙන මාර්ගය ස්ථාන කිහිපයක් දැඩි ලෙස නාය යෑමට ලක්වු තිබු අතර 17දා උදැසන වන විට සැහැල්ලු වාහන ගමන් කිරිම සදහා පමණක් විවෘතව කිරිමට හැකි බව ලග්ගල සම්බන්ධීකරණ කමිටු සභාපති/පාර්ලිමෙන්තු මන්ත්‍රි දිනේෂ් හේමන්ත මහතා පැවසිය.

Read More

2025 ඹක්තොම්බර් මස 20 වැනි දායින් අවසන් වීමට තිබූ , 2024 - 2025 අධ්‍යයන වර්ෂය සඳහා සාමාන්‍ය ප්‍රවේශය යටතේ විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබූ සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාර අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කර තිබේ.

Read More

මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ බවට සැකකෙරෙන යාත්‍රාවක් එහි සිටි පුද්ගලයන් 5 දෙනෙකුද සමග දකුණු මුහුදේදී නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ. සැකකරුවන් හා යාත්‍රාව ගාල්ල වරාය වෙත රැගෙන එමින් සිටියි.

Read More

දිවයිනේ බොහෝ ප්‍ර දේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සේවය කළ අසේල පතිරණ මහතා වසර 20 ක සේවා කාළයක් නිමා කර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර නව පුහුණුකරු තනතුරක් සදහා 10/17 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියේය.

Read More

දිවයිනේ විවිධ ප්‍ර දේශවල සිදුවූ මාරක රිය අනතුරු 7කින් පුද්ගලයන් 8ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මෙරට මාතෘ රෝහලක පළමු අධි සත්කාර ඒකකය ලෙස, ද සොයිසා කාන්තා රෝහලේ මාතෘ අධි සත්කාර ඒකකය (HDU) සහ මහල් 04 කින් යුතු වාට්ටු සංකීර්ණ ගොඩනැගිල්ල විවෘත කෙරේ‌.

Read More

ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන් වලට ඇතිවූ තාවකාලිකව බාධා වීම් තවදුරටත් පවතී.

Read More

මේ වනවිට වන විට ලක්ෂ 3කට අධික රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් නිකුත් කිරීමට පවතින බවත් එම ප්‍රමාණය ඉදිරි මාස 3 තුළ මුද්‍රණය කර නිකුත් කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යාංශ නිලධාරීහු ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසුහ.

Read More

2025.09.30 වන විට අපේක්ෂිත බදු ආදායම රු. මිලියන 1,610,599 ක් වූ බවත් ඒ අනුව රු. මිලියන 1,641,997 ක් උපයා ඇති බවත් (සියයට 102ක ප්‍රතිශතයක්) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පසුගියදා ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට පැවසූහ. 2025 වසරේ සමස්ත බදු ආදායම් ඉලක්කය වන රු. මිලියන 2,195,220 ක ප්‍රමාණයෙන් මේ වන විට රු. මිලියන 1,641,997ක් සපුරා ඇති බවත් එය සියය‍ට 75ක ප්‍රතිශතයක් බවත් මෙහිදී අනාවරණය විය.

Read More

අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය පසුගියදා (08) හිමිවිය.

Read More

රුසියානු තෙල් මිලදී ගැනීම නැවැත්වීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එකඟ වී ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. යුක්රේන - රුසියා යුද්ධය අවසන් කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස ක්‍රෙම්ලිනයට ආර්ථික පීඩනය යෙදීමට එක්සත් ජනපදය ගන්නා උත්සාහයක් අනුව ඉන්දියාව රුසියාවේ තෙල් මිලදී ගැනීම නවතා දැමිය යුතු බව ඇමෙරිකා ජනපති සඳහන් කරයි.

Read More

මෙම නීතිය කඩකරන කොන්දොස්තරවරුන් දින 3ක වැඩ තහනමකට හා දඩයකට ලක්වන අතර ටිකට්පත් සන්තකයේ තබා නොගන්නා මගීන්ට ද රුපියල් 100ක මුදලක් හා ගමන් ගාස්තුව මෙන් දෙගුණයක දඩ මුදලක් ගෙවීමට සිදුවන බව දන්වා සිටියි.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ දැඩි පෝෂණ හිගය ඇති අවුරුදු පහට අඩු දරුවන් 527 දෙනෙකු සිටින බව පවුල් සෞඛ්‍ය කාර්යංශය මගින් 2025 වර්ෂයට අදාළව පෝෂණ මාසය නිමිත්තෙන් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ. එම වාර්තාවට අනුව මධ්‍යස්ථ පෝෂණ හිගයෙන් පෙළෙන වයස අවුරුදු පහට අඩු දරුවන් සංඛ්‍යාව 4767 දෙනෙකි.

Read More

2021 වර්ෂයේදී අනිවාර්ය නිවාඩු යැවූ මුදල් අධ්‍යක්ෂවරයෙක් ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියට විරුද්ධව ගොනුකළ නඩු සම්බන්ධයෙන් කටයුතු කිරීමට අධිකාරිය විසින් රු මිලියන 15.01 ක් වැයකර ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වෙයි.

Read More

1986 වසරේ දී ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් වර්ණවීර මහතා වසර 8කට අධික කාලයක් ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් කණ්ඩායම් නියෝජනය තිබුණි. 1994 වසරේ දී ඔහු ක්‍රිකට් පිටියෙන් සමුගන්නා ලදී .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.