ප්‍රවාහන වෘත්තිකයන්ට EPF හා ETF
(2023 අධිකාරිය වූ) මෝටර් වාහන පනත යටතේ අංක 2463/04 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රියදුරු බලපත්‍ර අයභාර නියෝග සංශෝධනය කිරීමට අදාළ නියෝග සහ අංක 2467/52 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රියදුරු බලපත්රවලංගු කාලය දීර්ඝ කිරීමට අදාළ නියෝග සඳහා මෙසේ අනුමතිය හිමිවිය.
තවද, ප්‍රවාහන ක්ෂේත්රයට අදාළ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා පිහිටුවන ලද අනුකාරක සභා දෙකක වාර්තා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කිරීම ද මෙහිදී සිදුවිය.
අවිධිමත් ප්‍රවාහන කර්මාන්තය හා සම්බන්ධ වෘත්තිකයින්ගේ වෘත්තිය සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති අනුකාරක සභාවේ වාර්තාව එහි සභාපති ගරු නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්. දිනිඳු සමන් හෙන්නායක මහතා විසින් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරන ලදී. පුද්ගලික බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන්, ත්‍රීරෝද රථ රියදුරන් සහ ඉලෙක්ට්‍රොනික යෙදවුම් හරහා ප්‍රවාහන ක්ෂේත්රය තුළ නියැලී සිටින්නන් (App Base Workers) වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ (ETF) දායකත්වය ලබා දීම ඇතුළු නිර්දේශ ගණනාවක් මෙම වාර්තාවේ ඉදිරිපත් කර තිබේ.
ප්‍රවාහන කර්මාන්තය හා බැඳි අතිරේක සේවා නිර්මාණය කිරීම සඳහා ව්‍යාපෘති මාදිලි (Business Models) සැකසීම වෙනුවෙන් පිහිටුවන ලද අනුකාරක සභාවේ වාර්තාව, එහි සභාපති නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා විසින් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරන ලදී.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

