ඇමෙරිකාව විසින් ඩො.මි. 15ක ලංසුවක් තැබූ මෙක්සිකෝවේ ප්‍රධානම මත්ද්‍රව්‍ය ජවාරම්කරු මරුට
මෙක්සිකෝවේ වඩාත්ම අවශ්‍යව සිටි පුද්ගලයා මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වනද වන ජාලිස්කෝ නව පරම්පරාවේ (CJNG) මත්ද්‍රව්‍ය කල්ලියේ නායකයා අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක සිදුකළ
මෙහෙයුමක් අතරතුර මිය ගොස් ඇති බව මෙක්සිකෝවේ ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
"එල් මෙන්චෝ" ලෙස හැඳින්වෙන නෙමේසියෝ ඔසෙගුරා සර්වන්ටෙස් යන මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරු
ඔහුගේ ආධාරකරුවන් සහ හමුදාව අතර ඇති වූ ගැටුම්වලින් බරපතල තුවාල ලබා මෙක්සිකෝ නගරයට රැගෙන යන
අතරතුර ඉරිදා මිය ගියේය.
මධ්‍යම-බටහිර ජාලිස්කෝ ප්‍රාන්තයේ ටැපල්පා නගරයේ දීසිදුකළ මෙම මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය කාටලයේ සාමාජිකයින් සිව් දෙනෙකු මිය ගොස් තිබේ. මෙමෙ මෙහෙයුමෙන් හමුදා නිලධාරීන් තිදෙනෙකු ද තුවාල ලැබූහ. මෙහෙයුමටසහාය වීමක් ලෙස එක්සත් ජනපදය මෙක්සිකෝවට අවශ්‍ය තොරතුරු ලබා දී තිබුණි.
59 හැවිරිදි හිටපු පොලිස් නිලධාරිනියක් වන එල් මෙන්චෝ, කොකේන්, මෙතම්ෆෙටමින් සහ ෆෙන්ටැනයිල් නම් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එක්සත් ජනපදයට ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු විශාල අපරාධ සංවිධානයක් පවත්වාගෙන ගියේය.
එල් මෙන්චෝ අල්ලා ගැනීමට සාර්ථක තොරතුරු ලබාදෙන්නෙකුට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඩොලර් මිලියන 15 ක ත්‍යාගයක්ද ලබාදෙන බව මීට ඉහතදී ප්‍රකාශ කර තිබුණි.
නිවේදනයක් නිකුත් කරමින් මෙක්සිකානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ මෙම මෙහෙයුම රටේ විශේෂ බලකායන්
විසින් "සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද" බවයි.
මෙක්සිකානු ගුවන් හමුදාවේ සහ ජාතික ආරක්ෂක බළකායේ ගුවන් යානා ද යොදවා තිබුණි.මෙහෙයුම අතරතුර
සන්නද්ධ වාහන සහ රොකට් විදින ඇතුළු ආයුධ කිහිපයක් අත්අඩංගුවට ගෙන තිබේ.
2010 දී ජාලිස්කෝ හි මුල් බල කඳවුරක් තිබූ CJNG කාටෙලය මේ වන විට මෙක්සිකෝව පුරා ක්‍රියාත්මක වේ CJNG කාටලය එක්සත් ජනපදයට මත්ද්‍රව්‍ය සපයන ප්‍රධාන සැපයුම්කරුවෙකු වන අතර, ෆෙන්ටැනයිල් නිෂ්පාදනයෙන් බිලියන ගණනක් උපයයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

