ජනවාරි මාසයේදී අපනයනයේ කැපී පෙනෙන වර්ධනයක්
2026 වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ අපනයන අංශය පසුගිය වසරට සාපේක්ෂව සියයට 13.71 ක වර්ධනයක් වාර්තා කරමින් විදේශ වෙළඳ ක්ෂේත්රයේ නව පිබිදීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (24) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
එසේම ශ්‍රී ලංකා රේගුවේ ඇස්තමේන්තුගත දත්තවලට අනුව මැණික් හා ස්වර්ණාභරණ, ඛනිජ තෙල් නිෂ්පාදන සහ සේවා අපනයනවල, මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,532.6 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
තවද මෙම වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය පෙර වසරට සාපේක්ෂව 10.66% ක වර්ධනයක් වාර්තා කරමින් එක්සත් ජනපද ඩොලර් මිලියන 1,165.02 දක්වා ළඟා වී ඇති බවත් සේවා අපනයන ඉපැයීම් 24.59% කින් සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර එය එක්සත් ජනපද ඩොලර් මිලියන 367.55 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
එසේම 2026 ජනවාරි මාසයේදී වාර්තා වූ මෙම ආදායම වාර්ෂික අපනයන ඉලක්ක සපුරා ගැනීම සඳහා වූ යහපත් ආරම්භයක් බව පවසන ඒ මහතා ජාත්‍යන්තර වෙළඳපල ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම, අඛණ්ඩ කාර්මික ධාරිතාව සහ උපායමාර්ගික අපනයන සංවර්ධන මුලපිරීම් මගින් රටේ අපනයන අංශයේ වර්ධනය වන තරඟකාරිත්වය මෙමගින් මනාව පැහැදිලි වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
