නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද (23දා) දින සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාරත්මනේත්ව කියයි.
උතුරු, උතුරු-මැද හා වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් අද දිනයේදී ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
ගාල්ල, මාතර, රත්නපුර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.