පෘතුගාල විදේශ අමාත්‍ය පවුලෝ රැන්ගල් ( Paulo Rangel ) මහතා දෙදින නිල සංචාරයක් සඳහා 02/24 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
ඔහු සමග එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් 04 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද පැමිණ සිටියහ.
ඔවුන් 02/24 දින උදෑසන 08.35 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එම පිරිස පිළිගැනීම සදහා වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

