පස්වලට යටව සිටි අයෙකුගේ දිවි පැය පහකට පසු බේරා ගනියි
මාතර එලියකන්ද ප්‍රදේශයේ වලක් හාරන විට පස් කන්දක් කඩා වැටී පස් වලට යට වු පුද්ගලයෙකුගේ ජීවිතය පැය පහක් තිස්සේ සිදු කල මෙහෙයුමකින් පසු නිරුපද්‍රිතව බේරා ගැනීමට ඊයේ (22) රාත්‍රි හැකි වු බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
මුහුදු තීරය ආසන්නයේ ඔහුගේ අවන්හලට නුදුරින් අදාල වල හාරමින් සිටියදී එක්වරම වැලි මිශ්‍ර පස් තට්ටුවක් කඩා වැටී ඔහු මෙම අනතුරට ලක්ව තිබුණේ සවස 4.00 ට පමණය.
ඒ සමගම ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වු මාතර මහ නගර සභා ගිනි නිවන ඒකකය,මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය,1990 ගිලන් රථ සේවය,ශ්‍රී ලංකා යුධ හමුදාව,මාතර පොලිසිය සහ ප්‍රදේශ වාසීන් එක්ව අදාල පුද්ගලයා බේරා ගැනීමට පටන් ගත්තේය.
ඒ සදහා ඔවුන්ට බැකෝ යන්ත්‍රයක සහාය ලබා ගැනීමට ද සිදු විය.ඒ ඔවුන් ඔවුන් සියලු දෙනාගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස රාත්‍රි 9.00 පමණ වන විට අදාල පුද්ගලයා ආරක්ෂිතව බේරා ගෙන මාතර මහ රෝහල වෙත රැගෙන යාමට කටයුතු කරන ලදි.
එම රෝහලේ ප්‍රකාශකයෙකු සදහන් කලේ ඔහුගේ සෞඛ්‍ය තත්වය ක්‍රමයෙන් යහපත මට්ටමට හැරෙමින් පවතින බවයි.
ක්‍රිෂාන් ජිවක ජයරුක්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

