විදුලිය නිපදවීම සඳහා ප්රමාණවත් පරිදි ඉන්ධ නොලැබීම හේතුවෙන් හෙට දිනයේද විදුලිය කප්පාදු කිරීමට ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දී තිබේ.
මේ අනුව A-L දක්වා කලාප වෙත උදෑසන 8 සිට පස්වරු 6 දක්වා පැය තුනයි විනාඩි 20ක කාලයක් හා පස්වරු 6 සිට රාත්රී 11 දක්වා පැයයි විනාඩි 40 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.
එසේම P - W දක්වා වන කලාප සඳහා උදෑසන 9 සිට පස්වරු 5 දක්වා පැය දෙකයි විනාඩි 40ක කාලයක් හා පස්වරු 5.00 සිට රාත්රී 10.30 පැයයි විනාඩි 50ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.