ඉන්ධන පෝලිම්වල තෙවැනි මරණයත් වාර්තා වෙයි
නිට්ටඹුව හොරගොල්ල ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන පෝලිමක සිටි යතුරුපැදිකරුවෙක් හා ත්‍රි රෝද රථ රිියදුරෙක් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් ත්රිි රෝද රථ රියදුරු විසින් යතුරුපැදිකරුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
ඊයේ (20දා) රාත්‍රි මෙම ආරවුල ඇතිවීමෙන් පසුව මුලිින්ම ත්‍රි රෝද රථ රිියදුරු ඉන්ධන ලබාගෙන පිටව ගොස් ඇති අතර පසුව යතුරුපැදිකරු ඉන්ධන ලබාගෙන පිටව යාමේදී ත්‍රි රෝද රථ රියදුරු විසින් යතුරුපැදි කරුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත.
තුවාල ලැබූ යතුරු පැදිකරු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ මියගොස් ඇත්තේ කොළඹ පදිංචි අවුරුදු 29ක තරුණයෙකි.
පළාගිය ත්‍රි රොද රථ රියදුරු අත්අඩංගුවට ගැනිිමට පොලීසිය විමර්ශන කරයි.
මේ අනුව ඉන්ධන පොලිම්වල සිදුවූ මරණ සංඛ්‍යාව 03ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මීට මහනුවර හා කඩවත ඉන්ධන පෝලිම්වල සිටි පුද්ගලයන් දෙදෙනෙක් ඇද වැටී ජිවිතක්ෂයට පත්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

