2021 ලෝක බැංකු වාර්තාව අනුව ශ්‍රී ලංකාව තුළ බැහැර කෙරෙන කැළිකසලවලින් 80%ක් පුළුස්සා දැමෙන බවත්, එසේම එය මේ වනවිටබරපතළ පාරිසරික ගැටලුවක් බවට පත්ව ඇති බවත් පරිසර අමාත්‍යාංශය පෙන්වා දෙයි.
අමාත්‍යාංශය සඳහන් කරන්නේ එලෙස බැහැර කෙරෙන කැළිකසළවලින් විශාල ප්රමාණයක්ශ්රී ලංකාවේ ජනගහනයෙන් 80%ක් පමණ ජීවත්වන ග්‍රාමීය අංශය තුළදී දක්නට ලැබෙන බවයි.
මීට අමතරව නාගරික අංශය තුළදී කැළිකසළ හා ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම යම්තාක් දුරකට විධිමත්ව සිදු කෙරෙන නමුත්,එහිදීද ඇතැමුන් විසින් ප්ලාස්ටික් හා පොලිතීන් ගිනි තබන අතර එයද බරපතළ පාරිසරික හා සෞඛ්‍ය ගැටලු උද්ගත වීමට හේතුවක් බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ඒ අනුව කැළිකසළ බැහැර කිරීම විධිමත්ව සිදු කිරීම සම්බන්ධයෙන් වැඩිහිටියන්ට උපදෙස් දෙනු වෙනුවටඒ පිළිබඳ පාසල් දරුවන් අඛණ්ඩව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.