බස්නාහිර පළාතේ ප්රධාන පෙළේ නගරයක පිහිටි ඔසු සලක් පිට පිටම දෙදිනක් සොරුන් බිඳ බෙහෙත් හා කිරිපිටි රැගෙන යාමේ සිද්ධියකින් පසු ඔසු සල ආරක්ෂා කර ගැනීම සඳහා ස්වයං ආරක්ෂණ වැඩපිළිවෙලක් ඇති කිරීමේ සිද්ධියක් පිළිබඳව වාර්තාවේ.
පළමු දිනයේ වහලයෙන් ඇතුළු වූ සොරුන් බෙහෙත් අල්මාරියක තිබූ මත්කුඩුවලට ඇබ්බැහි වූවන් සඳහා පමණක් ම නිකුත් කරන බෙහෙත් වර්ගයක විශාල ප්රමාණයක් රැගෙන ගොස් ඇත.
ඒ පිළිබඳව ප්රදේශයේ පොලීසියට ද දැනුම් දී ඇතත් මෙහි අයිතිකරු පැමිණිල්ලක් කර නැත්තේ පාඩුව විඳදරාගන්නා අදහසිනි.
එදින දහවල් වෙළඳ කටයුතු සිදු කර නිවසට ගිය සේවක පිරිස පසුදින උදේ ඔසු සල විවෘත කිරීමේ දී පෙරදින රාත්රියේ යළිත් වතාවක් සොරු බිඳ ඇති බව හෙළි වී ඇත.
ඒ අවස්ථාවේ සිදු කෙරුණු පරීක්ෂාවේ දී දැනගන්නට ලැබී ඇත්තේ කිරි පිටි පැකට් තොගයක් රැගෙන ගොස් ඇති බවයි.
වටිනාකමින් වැඩි කිරිපිටි වර්ග රැසක් තිබියදී මෙසේ සොරාගෙන ගොස් ඇත්තේ වටිනාකමින් අඩු කිරිපිටි වර්ග බව ද අනාවරණය වී ඇත.
දෙවන වරටත් සිදු වූ සොරකම පිළිබඳවද ප්රදේශයේ පොලීසියට දැනුම් දී ඇතත් සිද්ධිය පිළිබඳව පැමිණිල්ලක් නොකර තම ව්යාපාරික ස්ථානය ආරක්ෂා කර ගැනීම සදහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට අදාල ඔසුසල් හිමියා පියවර ගෙන ඇත්තේ පොලිස් පරීක්ෂණ සිදු කිරීමේ දී තවත් දින කිහිපයක් වසා තැබීමෙන් සිදුවන පාඩුව සොරකමින් සිදුවූ පාඩුවට වඩා වැඩි වනු ඇති බවට අනුමාන කරමිනි.
මීරිගම කාන්ති