රුපියල් ලක්ෂ පහකට ආසන්න ජාවාරම් මුදලක් සහ හෙරොයින් මත්කුඩු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි.
බෝඹුවල දෙහිගහවල ප්රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.
ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම සැකකරුගේ නිවෙස පරික්ෂා කිරීමේදී එහි මෙට්ටයක් අස්සේ සඟවා තිබූ හෙරොයින් මත්කුඩු ග්රෑම් දහයක් සහ රුපියල් ලක්ෂ 5 කට ආසන්න ජාවාරම් මුදලක් සොයාගෙන ජාවාරම සදහා යොදාගත් ජංගම දුරකථන දෙකක්ද භාරයට ගෙන තිබේ.
සැකකරු මතුගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
පානදුර සුමිත් පොතුපිටිය

