වැඩකාරයින් බව හගවමින් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට හොද මුණ පෙන්වමින් ආණ්ඩුව පෙරලන්න කටයුතු කල ඇමතිවරුන් ආණ්ඩුව ඇතුලේම සිටිය බවත් තමා යන ජන හමුවලට හූ තිබ්බොත් නිකන් නොසිටිනා බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (21දා) බලපිටියේදී පැවසීය.
බලපිටිය මාදුව පාලමට මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගිවෙමින් මේ බව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීය .
ඇත්තටම අද ජනතාවට ප්‍රශ්න තියෙන බව ඇත්ත.බඩු මිල ප්රශ්නය ගෑස් ප්රශ්නය ,කිරිපිටි ප්රශ්නය ,ඉන්ධන ප්රශ්නය තියෙනවා .අපි ඒ බව පිලිගන්නවා .ඒ වෙනුවෙන් කනගාටුවෙනවා .මේ ප්‍රශ්න සියල්ලම තව සති කිහිපයක් යද්දී නැතිවෙලා යනවා .ආයෙත් සුපුරුදු පරිදි ජන ජීවිතය යතා තත්වයට පත්වෙනවා .
මේ ඇතැම් ප්‍රශ්නවලට අපේ සමහර ඇමතිවරුනුත් වග කියන්න ඕන.හිටපු තෙල් ඇමති කිව්වා තව තෙල් තියෙන්නේ දවස් හතරටයි කියලා .ජනතාව හොදටම භයවුනා .ඇති තරම් තෙල් එක් රැස් කර ගත්තා .ඇමතිනේ කිව්වේ තෙල් තියෙන්නේ දවස් හතරටයි කියලා .ඔය වගේ ඇමැතිවරුත් අපේ රජයේ හිටියා .ඒ අය රජයේ ඉදගෙන වෙනත් අය සමග සම්බන්ධකම් පවත්වමින් රජය පෙරලන්න කටයුතු කළා .මේ අය තමන් වැඩකාරයින් බව හගවමින් ජනපතිටත් හොද මුහුණ පෙන්වමින් ආණ්ඩුව පෙරලන්න කටයුතු කළා .
අද ජනතාවට මොන ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධවුනත් ජීවත්වෙන්න පුළුවන් පරිසරයක් තියෙනවා .හැබැයි මේ වෙනකොට වෙන ආණ්ඩුවක් තිබුනානම් ජනතාවගෙන් බොහෝ පිරිසක් මැරිලා ඉවරයි .
ප්‍රේමදාසටයි දිසානායකටයි ඕන ලේ බලන්න .මිනි බලන්න .ඒ අයගේ ආශාව ඒකතමයි .දෙන්නාම එකයි .ඒ අය බලන් ඉන්නේ රට ලේ විලක් වෙනවා දකින්නට .ජනතාව උසි ගන්වලා පාරට ගෙනල්ලා කරන්න හදන්නේ ඒකයි .මේ කාලයේ තමයි රටේ හොදම ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වෙන්නේ .ජනාධිපති ලේකම් කාර්යාලය වටලන්න දිසානායකලා ප්‍රේමදාසලා ආවත් නියපිටින් කෙනෙකුට පහරක් ගහන්න සිද්ධ කලේ නැහැ.
මේ රට ගොඩගන්න පුළුවන් එකම නායකයා ගෝටාභය රාජපක්ෂ මහතායි .තව සති කිහිපයකින් රට යථා තත්වයට පත්වෙනවා .ඒ ගැන කිසිදු භයක් තියාගන්න එපා යයිද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කිවේය .
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
